යාලුවො ඔක්කොටම ආයුබෝවන්, මේ baiscopelk වෙනුවෙන් මම කරන ලද පළමු උපසිරැසි ගැන්වීම. දැනට උපසිරැසි ලබා දෙන සියලුම සහෝදර සහෝදරියන්ගේ ඇති කැපවීම දැක්කාම, මටත් මේ දේ කරන්න ඕන කියලා හිතුනා, මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. baiscopelk අඩවියට කළගුණ සලකන්න හොඳම විදිහ තව තවත් උපසිරැසි ලබා දීලා එය ශක්තිමත් කිරීම කියලා මට හිතෙනවා.
ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක ඇත්තටම කුණු ගැන කතාවක් . හැබැයි අභ්‍යවකාශයේ තියන කුණු ගැන තමයි මේ වාර්තාමය චිත්‍රපටයෙන් කියවෙන්නේ. අනාගතයේදී විශාල ප්‍රශ්නයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මේක නරඹන්න අවස්ථාව දෙන්න ඕන නිසා කතාව ගැන කියන එක මෙතනින් නතර කරනවා. මේකේ තියන සමහර වචන ගොඩක් බරපතළ නිසා පුලුවන් තරම් සරලව කියන්න උත්සාහ කරා. ඉතින් මේක නරඹලා ඒ ගැන අදහස් බලාපොරොත්තු වෙනවා. පුංචි ඉල්ලීමකුත් තියනවා, 3D මගින් නැරඹීමේ හැකියාව තියනවා නම් එලෙස කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. සැමට ජය වේවා කියමින් තවත් චිත්‍රපටයකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට නවතිනවා!
නැවත වතාවක් baiscopelk පවුලේ සියල්ලන්ට, හදවතින්ම ස්තූති වන්ත වෙනවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
261 downloads