ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල් 29 තමයි තිරගත වීම ආරම්භ කරේ..මේක අයත් වෙන්නෙ ඇක්ෂන් හා කොමඩි ෆිල්ම් යටතටයි…පට්ට කොමඩියක් කිව්වනම් හරියටම හරි.
පැයයි විනාඩි හතලියක ධාවන කාලයක් තියෙන මේ කොමඩියේ නලු නිලියන් ගැන කියනවනම් ඔබ අප කවුරුත් දන්නා කොමඩි නලු දෙපලක් වන Oil Dresden හා Smoke Dresden දෙපල ප්‍රධාන චරිත සදහා පන පොවනු ලබනවා.. ඒ වගේම ඉතින් imdb ගැන කියනවනම් මීටරේ 6.4ක් කැරකිලා තියෙනවා.
ෆිල්ම් එක ගැන කියනවනම් කියානු නම් හුරුබුහුටි පූස් පැටියෙක් රෙල් ගේ නිවස ඉදිරියට පැමිණීමෙන් ඔහුගේ හා කැලැරන්ගේ ජීවිත සදහටම වෙනස් කරනවා.. ඉතින් කියානු කියන හුරුබුහුටි පූස් පැටියාගේ මත්ද්‍රව්‍ය වෙලදාම් කරන හාම් පුතාව මැරුවට පස්සේ මේ පූස් පැටියා එන්නේ රෙල්ගේ ගෙදරට..ඉතින් ඔහුත් ඉන්නේ බූට් එකක් එහෙම කාල..රෙල් මේ පූස් පැටියට ගොඩක් ආදරේ කරනවා..කොහෙම හරි තවත් මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් විසින් මේ පූස් පැටියව හොරකම් කරනවා..ඉතින් නීතියට අනූව වැඩ කරන කැලැරන්ස් හා රෙල් මේ පූස් පැටියව බේර ගන්න යනවා.. පූස් පැටියව බේර ගන්න යන රෙල්ටයි කැලැරන්ස්ටයි මරු මරු වැඩ තමයි වෙන්නෙ..ඉතින් මේ කොමඩියත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
සමීර අයියටත් විමා සහෝටත් ස්තූති කරනවා මේක භාර දුන්නට..ලයින් 1900ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි ඉතින්..එහෙනම් ගිහින් එන්නම්..ඔබට ජය.
ඒ වගේම මේක වැඩිහිටියන් පමණක් බලනවනම් වඩාත් හොදයි..අසභ්‍ය දර්ශන ඇතුලත් නොවූවත් ටිකක් දරුණු දෙබස් එහෙම ඇතුලත් වන නිසා.
Due to copyright issues, we do not provide any torrent links.
Keanu.2016.720p.BluR
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
40 downloads