ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් එක් වන නිර්මාණය අරන් ආවා. Documentary, Drama, Sport වර්ගයේ චිත්‍රපටයක් වෙන මේක මම දැනට කරපු අමාරුම උපසිරැසිය කියන්න පුළුවන්. මොකද මේකෙ තියන ඔක්කොම කතා බහ කළු ජාතික ඉංග්‍රීසි. ඒ කියන්නේ කැඩිච්ච ඉංග්‍රීසි වාක්‍ය අසම්පුර්ණයි ගොඩක් වෙලාවට. ඔයාල දන්නවානේ අර රැප් වල තියෙන්නේ. ඉතින් ලයින්ස් දෙදාහකට ආසන්න ප්‍රමාණක් තිබ්බ මේක මට කරන්න කිහිපවාරයක් බලන්න උනා. ටික කාලයකට කලින් තමා ඇත්තටම මේක ඉල්ලා ගත්තේ. මේ අමාරු කම හින්දම දවසකට ලයින් පනහ, සීය ගණනේ අනිත් උපසිරසි කරන ගමන් කරලා තමා ඉවර කර ගත්තේ. අමාරුවෙන් හරි මේක කලේ මොකද කියනව නම් මගේ පළමු උපසිරසියට ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාල යාලුවෙක් මගෙන් ඉල්ලුව චිත්‍රපටියක් මේක. ඉතින් මගෙ උපසිරසිවලට කමෙන්ට් දාන යාලුවොන්ට කරන ස්තුති කිරීමක් විදියට තමා මේ උපසිරැසිය මම දෙන්නේ.
ඔයාලට දෙයක් කියන්න ඕන. මේකෙ බාසාව අමාරු හින්ද සමහර තැන් වැරදියට තිබ්බොත් මට සමාවෙන්න. පුළුවන් උපරිමේ කළු ජාතික ඉංග්‍රීසි අවබෝධ කරගන්න උත්සාහ කරමින් මම මේක කලේ. පුළුවන් උපරිමේ කලා. එත් හරියටම තේරුනේ නැති තැන් දෙකක් විතරක් මට දල අදහසක් තිබ්බ දේ ඇතුලක් කලා.
මිස්ටර් ඔලිම්පියා කියන්නේ ලෝක කායවර්ධන සම්මේලනය මහින් අනුමත ලෝකයේ තියන වැදගත්ම කායවර්ධන ශුරතාවය. මේක දිනන කෙනා ලෝකේ හොඳම කාය වර්ධන ශිල්පියා කියල පිළිගැනීමක් තියනවා. ඒ වගේම විශාල මුදල් ත්‍යාගයක්ද මේ ජයග්‍රාහකයන්ට ලැබෙනවා. 1960 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ශුරතාවලිය ගැන කියනවා නම්, අපි හොඳින්ම දන්නා අර්නෝල්ඩ් ස්වාසනේගර් පවා හත් වරක් ජයග්‍රහණය කරලා තියනවා. දෙදහස් දහසය වසරේ මිස්ටර් ඔලිම්පියා තරඟාවලිය සැප්තැම්බර් මස පවත්වන්න කටයුතු කරලා තියනවා ඇමරිකාවේ වෙගාස් වල.
මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනුයේ 2012 වසරේ මිස්ටර් ඔලිම්පියා තරඟාවලියට සහභාගී වන තරඟකරුවන් ඒ සඳහා පුහුනුවෙන ආකාරය, එයාල ගතකරන ජීවිතය සහ තරඟ අවස්ථාවට මුහුණ දෙන ආකාරයයි. කායවර්ධනය පිළිබඳ කැමැත්තක් දක්වන අයට මේකෙන් හොඳ තොරතුරු ටිකක් අරගන්න පුළුවන් ඔයාලගේ ඇඟ හදාගන්නේ කොහොමද කියල. අනිත් යාලුවන්ටත් චිත්‍රපටයක් විදියට රස විඳින්න හොඳයි. IMDb 7.2 අරන් තියන චිත්‍රපටියක් හින්ද ඔයාලට අදහසක් ගන්න පුළුවන් නේ මේක කොයි වගේ චිත්‍රපටියක් ද කියල.
මේක මගේ හතලිස් එක් වන චිත්‍රපටිය. ඒත් ජැකී චෑන් ගේ එකක්වත් මට දෙන්න බැරි උනා. අන්න ඒක හින්දා මම ඊළඟට අරන් එන්නෙ ජැකී චෑන් ගේ චිත්‍රපටියක්. ඉක්මනටට අරන් එන්න බලන්නම්. ඔන්න එහෙනම් මම ගියා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Generation.Iron.2013.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
317 downloads