Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Anari (1959) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Anari (1959)

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත්  තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. 

මෙහි ප්‍රධාන චරිත වන්නේ රාජ් කුමාර්, ආර්ති, සහ ඩීසා නෝනා ය. දෙමවුපියන් නොමැති දුප්පත් අයෙකු වූ “රාජ්ට” මවක් මෙන් සලකන්නේ “ඩීසා නෝනා” ය. රැකියාවක් සොයමින් සිටින රාජ්ට තේ කඩයක රැකියාවක් ලැබේ. එහෙත් අවංකභාවය වැඩි නිසා එම රැකියාවද අහිමිවේ. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ රාජ්ට  “ආර්ති” නම් පොහොසත් ධනවත් තරුණියකට උදවු කිරීමට අවස්ථාවක් ලැබේ. එහෙත් ඇය, රාජ්ට පවසන්නේ තමා පොහොසත් නිවසක සේවය කරනා සේවිකාවක් බවයි. තමාගේ රුව සිතුවමකට නඟා ගැනීම සඳහා ඇයගේ නිවසට පැමිණෙන ලෙස රාජුට ආරාධනයක් ලැබේ. රාජ් එම නිවසට පැමිණි පසුව ආර්තිගේ උපදෙස් මත එම නිවසේ සේවිකාවට නිවස හිමි තරුණිය ලෙස රඟපෑමට සිදුවේ. එම සිදුවීම් අවසානයේ රාජ් සහ ආර්ති අතර ප්‍රේමයක් ඇතිවේ. එහෙත් රාජ් සිතන්නේ ආර්ති එම නිවසේ සේවිකාව බවයි. මව සහ පියා නොමැති නිසා, විශාල වෙළඳ ව්‍යාපාරයක් හිමි තම මාමා යටතේ ජීවත්වන ඇයට, මෙම පෙම් සම්බන්ධතාවය නිසා ගැටළු රැසකට මුහුණදීමට සිදුවේ ද? ප්‍රේමය සාර්ථකවේ ද? එය නරඹලාම දැනගන්නට ඔයාලාට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති“, “මෙරා නාම් ජෝකර්”  යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Anari (1959) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Anari(1959).DVDRip.XviD.AC3.Subs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles