Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Miruthan (2016) with Sinhala Subtitles |සත්වයෙකුගේ ඇග තුල සිටිනා මිනිසා.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Miruthan (2016)

ඉතින් මොකෝ වෙන්නෙ කට්ටියටම ඔන්න එහෙනම් රාජ් සුපිරි භාණ්ඩයක් තමයි බස්සන්න යන්නෙ ආ.. සද්ද නොකර හිටියෙ මේක බස්සන්න තමයි ඈ.. හි හි.. ඔන්න එහෙනම් කොහොම හරි ඉන්දියාවෙ චෙන්නායි වලටත් සෝම්බි එහෙමත් නැත්නම් පිල්ලි ප්‍රහාරයක් එල්ල වුනා.. හරිම කුජීතයි නේ.. ඇත්තටම මට නිකන් පිස්සු වගේ සබ් එක හදල ඉවර කළේ පෙබරවාරි 12 [බොරු කියන්න ඕනි නෑනෙ,] ඒ වුනත් හොද තත්ත්වයේ කොපියක් එනකන් අද වෙනකන් බලන් ඉන්න වුණා.. අද [2016-08-08] හරියටම පාන්දර 1 විතර මගෙ කණ වයිබ්‍රේට් වුණා කොට්ටෙ යටින්, ඒ මැසේජ් එහෙකට.. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ විමා තමා මැසේජ් එක එවල තිබ්බෙ.. ඒකෙ තිබ්බෙ ඔන්න බඩු ඇවිල්ල කියලයි 😀 අෆ්ෆේ මාත් බැලුව මොකද්ද මේ බඩුව කියල බැලින්නම් ෆිල්ම් එක හි හි මට නිකන් පිස්සු වගේ ඇයි මාස කීයක්ද.. ඉතින් එහෙම කට්ටක් කාල තමයි මේ සුපිරි භාණ්ඩෙ දෙන්නෙ ඈ.. හි හි හි.. ඒ වගේම අපේ සදුන් අයියත් මාව අමතක නොකර උදෙන්ම ෆිල්ම් එකේ ටොරෙන්ට්ස් ලින්ක් එක එවල තිබ්බ.. ඒ පාන්දර 4 ට. 😀 හරිම කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක් අනී එයා.. 😀 ස්තූතී අනී……… හරි එහෙනම් මන් ගොඩක් කියවපු නිසා ෆිල්ම් එකේ මොනාද වෙන්නෙ සහ විස්තර චුට්ටක් කියන්නම්.. 

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙහෙම ෆිල්ම් එකක් බිහි වෙයිදෝ කියන හිඩස පුරවන්න Shakti Soundar Rajan විසින් මේ සෝම්බි ෆිල්ම් එක ඉතාමත් සාර්ථක ලෙස නිම කොට තිබෙනවා.. ඉතින් කොලිවුඩ් සිනමාවෙ බිහි වුණු ප්‍රථම සොම්බි ෆිල්ම් එක තමයි මේ Miruthan චිත්‍රපටය.. මට දැනගන්න පුලුවන් වුණු විදියට නම් මේ චිත්‍රපටය SUN Tv ආයතනයට විකුණල තියෙන්නෙ.. [ඒව මොකටද අපිට නේ? 😀 ] ඒ වුනත් එයාල දැන් අන්තර්ජාලයට මුදා හැරල තියෙන පිටපතේ නම් සමහරක් කොටස් අයින් කරලයි තියෙන්නෙ.. කලබල වෙන්න එපා එයාල අයින් කරල තියෙන්නෙ ගැලපෙන්නෙ නැති වචන ටිකක් විතරයි.. [ඇයි කියල නම් දන්නෙ නෑ, දැනගන්නම ඕනි නම් එයාලගෙන් දැනගන්න එකයි ඇත්තෙ.. 😀 ] ඒ වගේම චිත්‍රපටයේ ගීතත් හරිම ලස්සනයි, D. Imman තමයි සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ.. ලස්සන සිංදු දෙකක් තියෙනවා.. මන් ඒ දෙකටම උපසිරැසි යෙදුවා.. මන් ඔයාලට කියන්නෙ අනිව අහල බලන්න ඒ සිංදු දෙක.. 😀 හරි එහෙනම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා  Jeyam Ravi.. ඒ වගේම ප්‍රධාන නිළිය Lakshmi Menon.. ::..එහෙනම් මන් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල කියන්නම්..::

පොලීසියේ ඉහල රැකියාවක් කිරීමට සුදුසුකම් තිබුනත් කාර්තික් ඒ කිසිදු අවධානම් රැකියාවක් තෝරාගත්තේ නෑ.. ඒ ඔහුගේ කුඩා සොහොයුරිය නිසයි.. ඉතින් සොහොයුරියත් බලාගෙන තමන්ගේ රැකියාවත් කරගන්න ලේසි වෙන විදියට ඕටි කියන නගරයේ රථවාහන අංශයේ SI කෙනෙකු වශයෙන් තමයි කාර්තික් ඔහුගේ ජීවිතය ගෙන ගියේ.. ඉතින් ඔය අතරේ කාර්තික් වෛද්‍යවරියක් වන රේණූට ආදරේ කරන්න පටන් ගන්නව, නමුත් ඇයට ඒ බව තේරෙන්නෙ නෑ.. ඉතින් ඔය ඔක්කොමත් අතරේ නගරයේ කිට්ටුවක තියෙන රසායනාගාරයක අන්තරායකාරී රසායනික ද්‍රවයක් එහි වැඩ කරන සේවක පිරිසකගෙන් කාන්දුවට ලක්වෙනවා.. ඒ කාන්දු වුණු රසායනික ද්‍රවය ඒ අවට සැරි සරණ බල්ලෙක් බොනව.. ඒක දකින එහි සිටින මුර කරු බල්ලාව එලවා දමනව.. ඔහු වැඩ ඇරී නිවසට යන විට කලින් දුටු බල්ලා වෙනස් විදියකට හරී ඉන්නවා.. ඉතින් මුරකාරයා බල්ලාගෙ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.. ඒ ප්‍රහාරයෙන් මුරකාරය පිල්ලියක් බවට වෙනස් වෙනවා.. මුරකාරයාගෙන් ගෙදර අය වගේම මුළු නගරයටම මේ වෛරසය පැතිරී යනවා.. ඉතින් කාර්තික්ට එයාගෙ සොහොයුරියවයි නගරයයි බේරා ගන්න පුලුවන් වෙයිද? 

ඉතින් යාළුවනේ ලිපිය ලියනකොට දැන් වෙලාව [12.35 පෙ.ව] ලිපියේ මුල් ටික හොදට ඇවිදින් අන්තිම ටික චරස් වුණා.. මන් හිතන්නෙ නිදි මත නිසා වෙන්න ඇති 😀 ඒ වගේම මේ චිත්‍රපටයත් මම කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කලේ.. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා! බායී ඈ.. ජය වේවා!

“::..කාටවත්ම ඇතුල් වෙන්නත් බෑ – කාටවත්ම පිට වෙන්නත් බෑ..::”

 

Darling 2 (2016) on IMDb

 

 

 

Miruthan (2016)[HDTVRip – x264 – 700MB – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>