මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින්. මේ විද්‍යා ප්‍රබන්ධය සිංහලයටද පරිවර්තනය කෙරී තිබෙනවා. Walt Disney විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය, ඉපැයූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 28.2 ක් වෙනවා. Richard Felton විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය 1954 වසරේ Academy සම්මාන උළෙලේ දී හොඳම කලා අධ්‍යක්ෂණයටත් (John Meehan, Emmie Kuri), හොඳම විශේෂ ප්‍රයෝග (John Hench, joshua Meador) වෙනුවෙනුත් ඔස්කා සම්මාන දිනා ගැනිමට සමත් වෙනවා. ඒ වගේම හොඳම සංස්කරණය වෙනුවෙන් වන සම්මානයටත් මෙම චිත්‍රපටය නිර්දේශ වුණා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb Ratings) 7.2/10 ක අගයක් ලබාගත්තු මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 1954 වසරේ දෙසැම්බර් 23 වැනිදායි.
1954 වසරේ වසන්ත කාලයේදී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණා. ඒ බහමාස් දුපත් සහ ජැමයිකාවේ පිහිටි විවිධ දර්ශනතල වලයි. එමෙන්ම ගුහා දර්ශන Negril වල ගල්කුළු අසළ රූගත කෙරුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් ගොඩනඟපු ඇතැම් දර්ශන තල ඉතා සංකීර්ණ වුණු නිසා ඔවුන්ට 400 කට වැඩි තාක්ෂණික ශිල්පින් ගණනක් යොදා ගන්නට සිදු වුණා. 1954 තරම් ඈත කාල වකවානුවක අඩු තාක්ෂණික පහසුකම් යටතේ නිර්මාණය වුණු මේ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකයන් මුහුණ දුන් අභියෝග අප්‍රමාණයි. සුප්‍රකට යෝධ දැල්ලාගේ ප්‍රහාරය ඔවුන්ට දෙවරක් රූගත කිරීමට සිදුවුණා. එයට හේතුව වුණේ එම ජවනිකාව දහවල් කාලයේදී සන්සුන් මුහුදක රූගත කර තිබුණු නිසයි. එයට වඩා නාට්‍යමය බවක් දැනවීමට සහ සජිවිකරණය කළ යෝධ දැල්ලා පාලනය කිරීමට යොදාගත් කේබල් සහ අනෙකුත් යාන්ත්‍රික උපක්‍රම පහසුවෙන් සැඟවිය හැකි අන්දමෙන් එය රාත්‍රී කාලයේ කුණාටු සහිත මුහුදක සිදුවන අන්දමින් නැවත රූගත කෙරුණා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුණේ, Kirk Douglas – නෙඩ් ලෑන්ඩ් ලෙස, James Mason – කපිතාන් නීමෝ ලෙස, Paul lukas – මහාචාර්ය පියර් ඇරෝනැක්ස් ලෙස, Peter Lorre – මහාචාර්යතුමාගේ සහයක ලෙස, Ted de Corsia – කපිතාන් ෆැරගට් ලෙස.
මේක බලනකොට ඒ තරම් ඈත කාල වකවානුවක මෙවැනි ඉහළ ප්‍රමිතියකින් යුත් වර්ණ චිත්‍රපටයක් නිපදවීම ගැන පුදුමත් හිතේවි. පරණ වූනත් අනර්ඝතම සිනමා නිර්මාණයක්. ඔයාලා මේකත් බාගෙන බලන්නකෝ !! අමතක නොකර කතාව බලලා Comment එකකුත් දාන්න! අළුත් උපසිරැසියකින් නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
20,000.Leagues.Under.The.Sea.1954.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
399 downloads