Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles |වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Enakku Innoru Per Irukku (2016)

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා ඒකයි පරක්කු. ඒව හදන්නෙ නැතුව එවව්වනම් ෆිලුම බලන එකත් එපා වෙනවා. කොහොම හරි රස වින්දනයට බාධා නොවෙන්නෙ සබ් එක හැදුවා.

හරි ෆිලුම තමා Enakku Innoru Per Irukku. මේක 2016 ජූනි 17 තමයි තිරගත වෙලා තියෙන්නෙ.IMDb දර්ශකයේ 5.8/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා.ෆිලුම අයිති වෙන්නෙ Action/Romance ගනයට. පැය 2 ත් විනාඩි 10 ක් පුරාවට දිවෙන මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sam Anton විසින්.

ෆිලුම පටන් ගන්නෙම පොඩි කතාවකින් මමත් ඒ ටිකම කියලා දාන්නම්. මැඩ්‍රාස් වල තියෙන රායපුරම් කියන ප්‍රදේශය පාලනය කරන කෙනාව හදුන්වන්නෙ නයිනා කියලා. දැනට මෙහෙ පාලනය කරන කෙනා හොද කෙනෙක්. හැබැයි එයාගෙ පුතා ඒකට අකමැති නිසා නයිනව මරලා ඔහු නයිනා බවට පත් වෙනවා. ඒත් ඔහු ඔහුගෙ තාත්තා වගේ හොද පාළකයෙක් නෙවෙයි. මේකට විරුද්ධව කිසි කෙනෙක් නැගි නොසිටි කාලයේ යාළුවො තුන් දෙනෙක් මේකට විරුද්දව කැරැල්ලක් ගහනවා. යාළුවො තුන්දෙනා තමයි,

  1. දොස්- ගොඩක් බලවත් පුද්ගලයෙක්.කිසි කෙනෙකුට බය නැති
  2. බෙන්ජමින්- සැලසුම් කිරීමේ විශේෂඥයෙක්.
  3. මහාබලි මහා- හෙංචයියන් රැස් කිරීමේ විශේෂඥයෙක්.

මේ තුන්දෙනා තමයි කැරැල්ල ගහන්නෙ. මහාබලි කස්ටිය එකතු කරගත්තා, බෙන්ජමින්ගෙ සැලැස්මට අනුව දොස් නයිනව මරලා දානවා. ඊට පස්සෙ දොස් සහ බෙන්ජමින් අතර ගැටුමක් ඇතු වෙනවා නයිනා වෙන්න. ඔය අතරෙ දෙන්නම එකම කෙල්ලෙකුට ආදරය කරන්න ගන්නවා. හැබැයි එයා කැමති වෙන්නෙ බෙන්ජමින්ට. ඒකත් එක්ක කොහොම හරි දොස් නයිනා වෙලා හොද දේවල් කරනවා. බෙන්ජමි දනම් එක්ක විවාහ වෙනවා. දොස් එයත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා. දොස්ට දුවෙක් හම්බවෙනවා(හේමා). බෙන්ජමින්ට පුතෙක් ලැබෙනවා(ජොනි). මේ දෙන්නා තමයි කතාවෙ ප්‍රධාන චරිත දෙක. කතාව සරලයි කොහොමද ජොනී හේමගෙ හිත දිනා ගන්නෙ සහා ජොනී නයිනා බවට පත් වෙන්නෙ. හැබැයි ජොනීට පොඩි ලෙඩක් තියෙනවා. ඒවගේම තමා නයිනා වෙන්න බලාගෙන තව කෙනෙක් ඉන්නවා. මේ දේවල් එක්ක ජොනී ගණු දෙනු කරන්නෙ කොහොමද, මෙයාට තියෙන ලෙඩේ මොකක්ද කියලා දැන ගන්න ෆිලුම බලන්නම වෙනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.

coment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. coment  එකක් සෑහෙන්න අපිට  වටිනවා.

ජය වේවා!

 

 

 

Enakku Innoru Per Irukku (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Enakku Innoru Per Irukku (2016) [Tamil] 720p – HDRip – XviD – AAC By NaRa MuNu

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>