Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pelé: Birth of a Legend (2016) With sinhala subtitles |පුරාවෘත්තයක උපත… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Pele-Birth of a Legend (2016)

මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය තමයි මේ සිනමාපටය ගැන මට කිව්වෙ,ඉතිං මුලින්ම එයාට ස්තූතිවන්ත වෙනව මේ ලස්සන සිනමාපටය හොයල දුන්නට.

මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. “එඩ්සන් ඇරන්ටෙස් ඩෝ නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” නමින් හදුන්වන පාපන්දු ක්‍රීඩයයා සහ ඔහුගේ පියා කේන්ද්‍ර කොටගෙන සත්‍ය කතාවක් මත පදනම්ව තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2016 මැයි මස 13 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල පැය 1යි මිනිත්තු 47ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jeff Zimbalist සහ Michael Zimbalist යන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනුයි. නවක නළු Kevin de Paula විසින් “එඩ්සන් නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” චරිතයට පණ පොවනු ලබන අතර “පෙලේ” ගේ පියාගේ චරිතයට Seu Jorge රංගනයෙන් ධායක වෙනවා. මේ වන විට 7.6/10 වැනි ඉහල IMDb අගයක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වෙලා තියෙනවා.

හැල හැප්පීම්, කණගාටු වීම්, අහිමි වීම් රැසක් මැදින් තම රටට දශකයක පමණ කාලයක සිට අහිමි වෙමින් පැවතුන පාපන්දු ලෝක කුසලානයක් දිනා ගැනීම දක්වා එඩ්සන් නසිමැන්ටෝ යන ධෛර්යයමත් ගමන මේ සිනමාපටය තුලින් ලස්සනට රූපයට නගා තිබෙනවා. කිසිම කම්මැලි කමක් නැතිව ඉවර වෙනකම් බලන්න පුලුවන් ලස්සන කතාවක්. ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්…!

 

 

 

 

 

Pelé: Birth of a Legend (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pele Birth Of A Legend 2016 1080p WEB-DL DD5 1 H264-FGT1

Pelé.Birth.Of.A.Legend.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>