සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් ගැන තමයි චිත්‍රපටයේ කියවෙන්නේ. 2004 වසරේදී නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයට අජේ දේව්ගන්, වට්සල් සේත්, ෆරීඩා ජලාල්,අයේෂා ටාකියා යන නළු නිළියන් රංගනයෙන් දායක වී තියෙනවා. ඉතිං මම කථාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
රාජ් කියන්නේ පාසලේ ඉගෙනගන්න සාමාන්‍ය කොල්ලෙක්. එයාගෙ තාත්තා එයා පොඩි කාලෙදිම එක්තරා පිරිසක් විසින් මරලා දානවා. එයා හොද වාහන සැළසුම් ශිල්පියෙක්. එයා හදපු වාහන සැලසුමක් හොරකම් කෙරුවාට පස්සේ එයා ඒකට විරුද්ධව යන්න ගිය නිසා තමයි මැරුම් කන්න වුනේ. රාජ්ගෙ තාත්තාට පරණ කාර් එකක් තිබ්බා. එයා ඒකට නම දීලා තිබ්බේ ටාසන් කියලයි. තාත්තාගෙ මරණෙත් එක්කම මේ වාහනයත් අතුරුදහන් වුණා. සිද්ධියෙන් අවුරුදු 12කට පස්සේ රාජ්ට දවසක් ඒ කාර් එක පරණ යකඩ කඩේක තිබිලා හමුවෙනවා. තාත්තාට තියෙන ආදරේට එයා කොහොමහරි ඒක සල්ලිවලට අරගන්නවා. පස්සේ එයාගෙ අරමුණ වෙන්නේ ඒ කාර් එක අළුතින් හදන එක. රාජ් ඒ අභියෝගයත් ජයගන්නවා. ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නේ. මේ හදපු කාර් එක හිටිහැටියේ යම් පිරිසක් ලුහුබදිමින් ඔවුන්ව විනාශ කරන්න පටන්ගන්නවා. හරියට රොබෝ කෙනෙක් ඇතුලේ ඉදන් පාලනය කරනවා වගේ. හැබැයි මේ දේවල් රාජ් දන්නේ නෑ. ඒ අතර රාජ්ට අපූරු කෙල්ලෙකුත් මුණගැහෙනවා. ඒ දෙන්නාගෙ ආදර කථාවකුත් මේ අතර යනවා. ඇත්තටම ඒ කාර් එක ලුහුබදින්නේ කාවද? කවුද ඒක පදවන්නේ? රාජ්ට මේ නිසා ඇතිවෙන ප්‍රශ්ණ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
මේ චිත්‍රයටයේ පැහැදිලි පිටපතක් යූටියුබ් වල තියෙනවා.හැබැයි බලලා පොඩි කමෙන්ට් එකකුත් දාලාම යන්න අමතක කරන්න එපා. යෝජනා , චෝදනා ඕන දෙයක්. ඒක මට වටිනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් හැමෝටම.
Due to copyright complications, we do not provide torrent links.
Taarzan The Wonder Car(2004) Hindi DVDRip x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
763 downloads