ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ ගමන අතරේ බින්කුන්ඩන් ගෙන් පටන් අරන් මෝරු, නයි පොළොංගු, කිඹුල්ලු, බල්ලෝ, අලි කොටි, මකුණෝ මෙන්ම පිටසක්වල ජීවින් පවා මට හමු උනා. Mars Needs Moms (2011) වැනි ළමා චිත්‍රපට වල සිට Kama Sutra: A Tale of Love (1996) වැනි අතිශය වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපටත් The General (1926) වැනි පරණ කලාත්මක චිත්‍රපට වල සිට Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016)වැනි අළුත්ම වාණිජ චිත්‍රපටත් මම ඔයාලට අරන් ආවා. මම දුන්න චිත්‍රපට අතරේ Species, Lake Placid වැනි චිත්‍රපට ඉතිහාසයේ අමරණිය චිත්‍රපට එකතුන් වගේම The Lost World (1960), This Is It (2009) වැනි සුවිශේෂී චිත්‍රපට ඇතුලත්. කෙටියෙන්ම කියනවා නම් මම හිතනා විදියට සියලුම ආකාරයේ බයිස්කෝප් වෙබ් අඩවිය බාවිතා කරනා යහළුවන්ට මම සාධාරණයක් කරන්න උතසාහ කළා.
මම ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක පරිඝනක අංශයේ සේවය කරන කෙනෙක්.ඒ වගේම පෞද්ගලික මට්ටමෙන් ලංකාවේ සුප්‍රසිද්ද ආයතනයක වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යාම මෙන්ම ව්‍යාපාර ආයතන සඳහා පරිඝනක ගිණුම් වැඩසටහන් නිර්මාණය කිරීමේ නිරතවන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් ම කාර්යබහුල ජිවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් මේ වැඩේ කරන්න තීරණය කලේ මාස තුනක් මම මේ වෙනුවෙන් වෙන් කිරීම සඳහා සියළු පෞද්ගලික ව්‍යාපෘති තාවකාලිකව නවත්තනවා කියල අදහස් කරලා. ඇත්තටම මේ වැඩේ පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් චිත්‍රපට විසිපහක් කරනවා කියල. එත් මුලදීම මගේ email සදහා පිළිතුරු යොමු කල සමීර කරුණාරත්න සහෝදරයා තමා මට කිව්වේ මොකද විසි පහක්, පනහකට යන්න කියල. ඉතින් එදා මම හිතා ගත්තා එයා මට ඒ කියපු දෙය එයා ඇතුළු සියලුම ඇඩ්මින් සහෝදරයන් අවුරුදු ගණනක් අපි වෙනුවෙන් කල සේවයට කරන ගරු කිරීමක් විදියට සැබෑවක් කරනවා කියල. හිතා ගත්තට ඇත්තටම ඒක ලේසි උනේ නැහැ. දිනකට පැය පහක්, බොහෝ විට සති අන්තයේ පැය දහයකට ආසන්න කාලයක් වැය කරමින් තමා මගේ මේ සිහිනය මම සැබෑ කර ගත්තේ. ඒ ගැන මට දැනෙන සතුට කියලා නිම කරන්න බැ.
මොකද මම චිත්‍රපට පිස්සේ කියුවොත් හරි. දිනකට පැය දොලහක් වැඩ කලත් මම දිනකට එක් චිත්‍රපටියක් අනිවාර්යයෙන් බලනවා. 1995 වසරේ ස්වාධින රුපවාහිනියේ Gopi Kishan කියන හින්දි චිත්‍රපටය තමා මම බලපු පළමු චිත්‍රපටය. 1999 දි Tremors 2 තමා මම ඩේක් පිස් එකකින් ඉස්සෙල්ලම බැලුවේ. එතකොට අද වෙනකොට අවුරුදු විසි එකක් මම චිත්‍රපට බලනවා. ඒ වගේම පරිගණක එක්ක මගේ සම්බන්දෙ පටන් ගන්නේ මව්ස් වලටත් Driver Install කරන්න ඕන Windows 95 වලින් 1998 අවුරුද්දේ. අද මම මේ උපසිරසි හදන්නේ Windows 10 වල Notepad එකේ. ඒ කියන්නේ අවුරුදු දහ අටක් පරිඝනක ක්ෂේත්‍රයේ. ඉතින් මම ආසම දේවල් දෙකේ එකතුවක් තමා මේ බයිස්කොපේ අඩවියට උපසිරසි සකස් කිරීමත් එක්ක නිර්මාණය වෙන්නේ. මොකද සිංහල අපිට අපේ කියල දේවල් පරිඝනක ලෝකේ අඩුයි. එත් මේ බයිස්කෝප් වෙබ් අඩවිය ඒ තියන කිහිපයෙන් එකක්. ඇත්තමට මගේ පැතුම තමා Open Subtitles, Subscene වැනි ලොව ප්‍රසිද්ද උපසිරසි අඩවියක් බවට බයිස්කෝප් පත් වෙනවා දැකීම.
සාමාන්‍යයෙන් මෙවැනි කඩඉමක් පහුකරාම ගොඩක් යාළුවොන්ට ස්තුති කරන්න ලිස්ට් එකක් ඉන්නවා. ගොඩක් ඇඩ්මින් සහෝදරයන් සහ යහළු යෙහෙලියන් අඳුනනවා. එත් මම මාස තුනක් වගේ කෙටිකාලයක් තුල ඔයාල එක්ක සම්බන්ද වෙච්ච හින්දා ගොඩක් අඩුයි අඳුනන අය. එත් මාත් එක්ක නිතරම වගේ email මගින් සම්බන්ධ වෙන සමීර කරුණාරත්න සහෝදරයාට මම ස්තුති කරන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට එයාට මම වදයක් වෙන්නත් ඇති. මොකද email හත අට හුවමාරු වෙන වෙලාවල් තියනවා අපි අතරේ. ඒ වගේම ඉදල හිටලා මාත් එක්ක සම්බන්ද වෙච්ච රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද්, යශෝද ශ්‍රීමාල් මෙන්ම හිටිහමන් රේඩාර් එකට අහුවෙන ශාන් සහ විකියා සහෝදරයන්ටත් ස්තුති කරනවා. ඒ වගේම නම් ගම් දන්නේ නැති උනත් මගේ උපසිරසි ඉක්මනින් පලකිරීමට කටයුතු කල සියලුම ඇඩ්මින් සහෝදරයන්ට මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන සමන් ප්‍රසාද් සහෝදරයාට. මොකද එයා තමා මට email එකකින් මගේ පනස් වන නිර්මාණය විදියට මේ Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) කරන්න කියල දැනුම් දුන්නේ. ඒක මම බලාපොරොත්තු නොවෙච්ච තෑග්ගක්. ඒ වගේම මගේ උපසිරසි වලට කමෙන්ට් දැම්ම සියලුම යාලුවන්ටත් යෝජනා, චෝදනා මෙන්ම සමහර චිත්‍රපට වල නම් මතක් කරලා දීපු සියලුම සහෝදරයන්ට ස්තුති කරනවා.
මේ ගමන්ම මම තව පොඩි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්න කැමතියි. බයිස්කෝප් එකෙන් සබ්ගන්න ඔයාල පුළුවන් විදියට එක උපසිරසියක් හරි බයිස්කෝප් එකට දෙන්න බලන්න. ඔයාල සිය දෙනෙක් උපසිරසි එකක් බැගින් හරි දුන්නොත් උපසිරසි සියක් එකතුවෙනවා බයිස්කෝප් එකට. අපි ඔක්කොම එකතුවෙලා මේ අපේ බයිස්කෝප් අඩවිය තවත් දියුණු කරන්න උපකාර කරමු. එයාල අපේ විනෝදය වෙනුවෙන් කරන සේවයට අපිට කරන්න පුළුවන් හොඳම ස්තුති කිරීම තමා ඒක.
චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ. Teenage Mutant Ninja Turtles (2014) චිත්‍රපටයේ දෙවන කොටස විදියට තමා මේක නිර්මානය වෙන්නේ. ඔයාල එකෙන් දකින්න ඇතිනේ ශේඩර් නිව්යෝක් වල කරපු විනාශයත් අපේ මේ ඉබ්බෝ හතරදෙනා එයාව පරද්දලා මිනිස්සු ආරක්ෂා කර ගත්ත හැටිත්. මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. ඒ ශේඩර්ගෙන් නිව් යෝක් බේර ගත්ත අවස්ථාවේ මිනිස්සු අතරේ ප්‍රසිද්ද උනේ වේරන් ෆෙන්වික් කියන කැමරා ශිල්පියා ඒ වැඩේ කළා කියලනේ. ඉබ්බෝ හතරදෙනා ගැන කවුරුවත් දන්නේ නැ. ඉතින් එයාල සැඟවිලා ඉඳගෙන නිව් යෝක් ආරක්ෂා කළා. කොහොම හරි නඩු විබාගෙන් පස්සේ ශේඩර් හිරගෙට අරන් යනවා මේ චිත්‍රපටියේ. ඒ වාහනේම බිබොබ් සහ රොක් ස්ටෙඩි කියන නමගිය අපරාධ කාරයෝ දෙන්නත් අරන් යනවා. බැක්ස්ටර් ස්ටෝක්මන් කියල විද්‍යාඥයා උත්සහ කරනවා ශේඩර් බෙර ගන්න. ඒ වෙලාවේ අත්වැරදීමකින් එයා කරන්ග් කියන පිටසක්වල ජීවියෙක් හමුවෙනවා. ඉතින් කරන්ග් ගේ ටෙක්නෝඩ්‍රම් කියන උපකරණය මාර්ගයෙන් පෘතුවිය පාලනය කරන්න හදන ශේඩර් ආපහු ලෝකෙට ඇවිල්ල ටෙක්නෝඩ්‍රම් උපකරණය හදන්න උත්සාහ ගන්නවා. මොකද ඒක දැනටමත් පෘතුවියේ තියෙන්නේ කොටස් තුනකින්. ඉතින් එක හදන්න ගන්න උත්සාහයත් එයාල ලෝකේ විනාස හදන එක අපේ ඉබ්බෝ ටික නවත්තන විදියත් තමා මේ චිත්‍රපටය. තව අමතක උනා බිබොබ් සහ රොක් ස්ටෙඩි වල් ඌරෙක් සහ රයිනෝ කෙනෙක් බවට පත් වෙනවා. තව මයිකි කියන ඉබ්බෝන්ගේ පොඩි එකා කෙලින පිස්සුත් මේකේ තියනවා. වේගවත් ආකාරයෙන් යන චිත්‍රපටයක්. වෙලාව යනවා දැනෙන්නේ වත් නැ.
ට්‍රාන්ස්ෆෝමර් හදපු මයිකල් බේ තමා මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේඝන් ෆොක්ස් සහ අපි රෙස්ලින් වලින් දැකල තියන ශිමස් මේ මේ චිත්‍රපටයේ රඟපානවා. තව ගොඩක් ජනප්‍රිය චරිත ඉන්නවා. දෙදහස් දහසයේ ජුනි මස තුන්වන දින තමා මේක තිරගත වෙන්න පටන් ගත්තේ. මිලියන එකසිය තිස්පහක් වියදම් කරලා දැනට මිලියන දෙසිය තිස් හතක් හොයල තියනවා. IMDb අගය 6.2 අරන් තියන චිත්‍රපටයක්. අන්තර්ජාලයේ වීඩියෝ පිටපත් කිහිපයක් තියනවා. එත් තියෙන්නේ එකම ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් විතරයි. ඒකත් ස්පාඤ්ඤ බාසාවෙන් ස්වයංක්‍රිය පරිවර්තයක්. ඉතින් වචන වැරදියි. ඒවත් හදන් මේක කරන්න ලොකු වෙලාවක් කියා. එත් ගොඩක් සතුටුයි මට මොකද මේක සත්තු ඉන්න චිත්‍රපටයක්. ඔයාලට මොන ජාතියේ චිත්‍රපට දුන්නත් ගොඩක් ආස සත්තු ඉන්න චිත්‍රපට වලට හින්දා.
හොඳයි ඉතින් ලිපිය දිග වැඩි උනා.මම නවතින්නම්. කියනන් තියෙන්නේ තව දෙන්න ඕන චිත්‍රපට එකතුවක් මගේ හිතේ තියනවා. ඒ වගේම කමෙන්ට් හරහා ඔයාල මට පුළුවන් නම් කරන්න කියපු චිත්‍රපට ලිස්ට් එකකුත් තියනවා. ඉතින් පුළුවන් විදියට ඒවා අරන් එන්නම්. ඒත් මේ වේගෙන් නම් නෙවි. එත් සතියට එකක් හෝ දෙකක් කොහොමහරි අරන් එන්න බලන්නම්. දැන් පුරුද්දකට වගේ ගිහින් තියෙන්නේ උපසිරසියක් කරන එක. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාල කමෙන්ට් හරහා දාන අදහස් විතරයි මම ඇතුළු උපසිරසි දාන ඔක්කොම අයට ලැබෙන්නේ. ඉතින් උපසිරැසිය බාගත කරන ගමන් වචනයක් දෙකක් මගින් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා යන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.
බුදු සරණයි ….!
Due to copyright issues, we do not provide any torrent links.
Teenage Mutant Ninja Turtles Out of the Shadows 2016 HDTS 700MB MkvCage
Teenage Mutant Ninja Turtles Out of the Shadows (2016) HDTS x264 Dual Audio [Hindi-English] AAC 800MB [VR56]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4032 downloads