මේ අරගෙන ආවේ සොම්බි කතාමාලාවේ දහවෙනි කොටස. කලින් සතියේ කොටස ගැන පොඩ්ඩක්මතක් කලොත්, මේජර් සහ ලිව් දෙන්නා ආයෙත් වතාවක් වෙන් උනානේ. එතකොට රවී බෙහෙත් කරපු සොම්බි මීයා ආපහු සොම්බි තත්වයටම පත්වෙලා. ඒ කියන්නේ මේජර්ට සහ බ්ලේන්ටත් ඒකම වෙන්න පුලුවන් කියන එක. ඉතින් බෙහෙතක් හදන්න නම් යුටෝපියම් ඕනවෙන නිසා බ්ලේන් බොහොම වටිනා ආරංචියක් හොයලා දෙනවා ඒ ගැන. ඒත් ඉතින් සෙල්ලම් නෑ, ඒක තියනවා කියන්නේ මැරුණ මිනිහෙක්ගේ ඇඟ ඇතුලේ. ඊලඟට රවීගේ වැඩේ තමයි ඉතින් ඒක හොයන එක. ඉතින් මේ සතියේ රවී යුටෝපියම් සිරුර හොයන අතරේ ලිව්ට සහ බාර්බිනෝව්ට මිනීමැරුමක් ගැන හොයන්න සිද්ධවෙනවා. චිත්‍රපටියක වෙඩි තියන ජවනිකාවකදී කවුරුහරි කෙනෙක් බොරු තුවක්කුව වෙනුවට ඇත්ත තුවක්කුවක් මාරු කරපු නිසා නළුවෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ඔන්න ඔය ගැන හොයන එක තමයි ලිව්ටසහ බාර්බිනෝව්ට පැවරෙන්නේ. ඒවගේම තමයි කතාව අවසානයේදී බ්ලේන් ගැන FBI කට්ටියට ඉව වැටෙනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!!
108 downloads
<<Previous Episode All Episodes Next Episode>>