මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින් අනිත් අයට මේ කතාව ගැන කියන්නම්කො ටිකක්.
මුලින්ම කියන්න ඕන ඇරෝ, ෆ්ලෑෂ් නොබලපු අයට නම් ඉතින් මේ කතාව අණ්ඩර දෙමල වගේ තියේවි. මොකද ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේ ප්‍රභල චරිත කීපයක් තමයි මේ කතාවෙ කතා නායකයො වෙන්නෙ. ඒ නිසා ඉතින් ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා ගැන දැනුමක් තියෙන්න ඕන මේ කතා මාලාව බලන්න කලින්. එහෙනම් ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමුකො.
DC comics ලා Warner brothers එක්ක 2016 අවුරුද්දට මුලින්ම නිකුත් කරපු අළුත්ම ටෙලි කතා මාලාව තමයි DC’s Legends of Tomorrow කියන්නෙ. කතාවෙ අළුත් චරිතයක් විදිහට මේ මුල්ම කොටසෙදි අපිට මුණ ගැහෙන්නෙ Rip hunter විතරයි. Rip hunter කියන්නෙ කාල තරණය කරන කෙනෙක්. ඔහු කාලය හරහා යන්නෙ ඔහුගේම සොයා ගැනීමක් වන Time Sphere යානාවෙන්. ඉතින් මේ චරිතය මුලින්ම ලෝක කොමික් රසික හමුවට එන්නෙ 1959 දී නිකුත් වුන DC comics Showcase #20 කොමික් කලාපයෙන්. ඉතින් Rip hunter ගැන දැනට එච්චරක් ඇති. අනිත් සියළු චරිත මීට කලින් අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේදි මුණ ගැහිලා තියන අපිට ගොඩක් හුරු පුරුදු චරිත. සාරා ලාන්ස් (White canary), මහාචාර්ය ස්ටේයින් (firestorm), ජේ ජැක්සන් (firestorm), කෙන්ඩ්‍රා සෝන්ඩර්ස් (Hawkgirl), කාටර් හෝල් (Hawkman), රේ පාමර් (The ATOM), ලෙනාර්ඩ් ස්නාර්ට් (Captain Cold), මික් රෝරි (Heat wave) තමයි මේ කතාවෙ Legends ලා වෙන්නෙ. තව ඊට අමතරව රිවර්ස් ෆ්ලෑෂ්ගෙ කෘතිම බුද්ධිය වුන ගිඩියන්නුත් මේ කතාවෙ ඉන්නවා. ඒ වගේම ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකේම අනිත් චරිතත් ඉඳලා හිටලා මේ කතාවෙදි බලා ගන්න පුළුවන් වේවි. ඉතින් හැම කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනෙ. මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ තමයි අපිට තවත් හුරු පුරුදු චරිතයක් වුන වෙන්ඩ්ල් සැවේජ්. 206 වතාවක් Hawkgirl, Hawkman දෙන්නව මරලා දාපු වෙන්ඩ්ල් සැවේජ්.
මේ කතාව පටන් ගන්නෙ අනාගතයෙන්. විසි දෙවන සියවසෙන්. එහෙම නොවෙන්න විදිහක් නෑ කියලා තේරෙනවනෙ නේද කතාවෙ නම දිහා බැලුවම. ඉතින් හරියටම කිවුවොත් 2166 අවුරුද්දෙදි ලන්ඩන් වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නෙ. මේ වෙද්දි වෙන්ඩ්ල් සැවේජ් මේ ලෝකෙම යටත් කරගෙන විනාශ කරලා ඉවරයි. ඉතින් වෙන්ඩ්ල් සැවේජ්ගෙ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් වලක්වන්න Rip Hunter ටයිම් මැෂින් එකකින් 2016 අවුරුද්දට එනවා. ඇවිත් මම කලින් නම් සඳහන් කරපු හැමෝගෙන්ම ඉල්ලනවා වෙන්ඩ්ල් සැවේජ්ගෙන් අනාගත ලෝකට බේරගනන්න ඔහුට උදවු කරන්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ කතාවෙ ආරම්භය සඳහන් වෙන්නෙ. වැඩි විස්තර කියලා හා හා පුරා කියලා ආපු මේ සුපිරි ටෙලි කතාව බලන්නත් කලින් ඒක ස්පොයිල් කරන්න හොඳ නෑනෙ. ඉතිරි විස්තර කතාව බලලම දැන ගන්න.
ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ඒ නිසා පොඩි පොඩි වැරදීම් එහෙම තිබුනොත් ඉතින් සමාවෙන්න ඕන. ඒ වගේම මට මේ කතාවට උපසිරැසි කරන්න භාර දුන්නට බයිස්කෝප් අඩවියේ සෙට් එකටත් ස්තූති කරන්න ඕන. ඉතින් පුළුවන් තරම් උත්සහා කරන්නම් පරක්කු නොකර සිංහල උපසිරැසිය ලබා දෙන්න. මොකද මේ කතාව එනකන් මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ. ඉතින් එහෙම බලන් හිටියට පාඩුවක් නෑ කියලා දැනුනා පලවෙනි එපිසෝඩ් එකෙන්ම. මොකද මේ කතාව ගොඩක් වීරයො එකතු වෙන තැනක්. වීරයො ඉතිහාසගත වීරයො වෙන කතාවක්. Heroes’ ලා legends ලා වෙන කතා මාලාවක්. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම කතා මාලාවක් වේවි මේ කතා මාලාව. ඉතින් එහෙනම් උපසිරැසිය බාගෙන කතාව බලලා අදහස්, යෝජනා, චෝදනා, අගය කිරීම්, ඇනුම් බැනුම් මේ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊලඟ කොටස සමඟ ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා…!!!!!
2406 downloads
All Episodes Next Episode >>