ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. හරි අපි දැන් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ ඇනක්ලීතෝ. ටිකක් නම නම් අමුතුයි තමයි ඒත් ෆිල්ම් ඒක නම් සුපිරියි. ඇනක්ලීතෝ කියන්නෙ GP කියන රහස් ඒජන්සියෙ රහස් නියෝජිතයෙක්. මෙයාට ඉන්නවා එක ප්‍රධාන හතුරෙක් එයා තමයි වස්කියුස්. මෙයා ඇනක්ලීතෝ නිසා අවුරුදු 30ක් හිරේ ඉඳල හිරෙන් පනිනවා. ඊට පස්සෙ වස්කියුස්ගෙ ඉලක්කය වෙන්නෙ ඇනක්ලීතෝගෙ පුතා ඇඩොල්ෆෝ. ඇඩොල්ෆෝ දන්නෙ තාත්ත සොසේජස් හදන කෙනෙක් විදියට. ඇනක්ලීතෝයි ඇඩොල්ෆෝයි ඉන්නෙ වෙන් වෙලා. දැන් වස්කියුස් හිරෙන් පැනපු නිසා ඇනක්ලීතෝ යනවා එයාගෙ පුතා ගැන බලන්න. ඒවෙනකොට ඇඩොල්ෆෝගෙ ගෙදරට වස්කියුස්ගෙ එක ගෝලයෙක් ඇවිල්ල ඇඩොල්ෆෝව මරන්න හදනවා. ඒත් ඇනක්ලිතෝ ඉපදුන දවසෙ ඉදලම ඇඩොල්ෆෝට සටන් උගන්නල තියනවා ඒත් ඇඩොල්ෆෝට ඒක මතක නෑ ඒත් ඒයා පුරුද්දට ඒ මිනිහත් එක්ක සටන් කරනවා. ඊට පස්සෙ වෙන ටික ඉතින් ඔයාලම බලාගන්න.
෴ එහෙමනම් තවත් නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු ෴
෴ ජය වේවා!!! ෴
419 downloads