කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම තමයි.
ඉතින් අපි පළවෙනි කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ඇමරිකාව දැන් කොලනි වලට බෙදලා තියෙන්නේ. කතාවේ කියන විදියට නම් ඒක බෙදල තියෙන්නේ හදිස්සියෙන්. ඒ නිසා විල් ගේ පවුලේ කෙනෙක් උණු චාලි ව පවුලෙන් වෙන් වෙනවා. චාලි ව ආපහු ගේන්න විල් හොරෙන් අනිත් පැත්තට යන්න හදනවා. එතකොට තමයි කැරලිකාරයෝ තියපු බෝම්බයක් නිසා විල් ව රතු තොප්පිකාරයින්ට අහු වෙන්නේ. හැබැයි විල් කියන්නේ කලින් FBI හිටාපු කෙනෙක්. ඒ වගේම තමයි එයාව හොයමින් ඉදල තියෙන්නේ. අනිත් අය වගේ කම්හලට යවන්නේ නැතිව විල් ව එකග කරගන්නවා කැරලිකාරයෝ සහ ඒකෙ ලොක්කා ජෙරනිමෝ ව අල්ල ගන්න. ඒක ප්‍රතිලාභ නම් ගොඩක් ලැබෙයි වගේ. ඒත් විල් ගේ බිරිද රහසින් අර කැරලිකරයින්ට වැඩ කරනවනේ. ඕව තමයි කලින් කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. විල් බෝමන් ට රස්සාව ලැබුනට පස්සේ ලැබෙන මුල්ම වැඩේ තමයි අර බොම්බේ තියපු කෙනා අල්ලන එක. ඉතින් ඒකට මෙයාට සහයට කෙනෙක් ලැබෙනවා. ඒ කෙනා එක්ක විල් අර කෙනාව අල්ලයි ද? ඒ වගේම තමයි විල් ගේ ළගම කෙනෙක් අර කම්හල ට යවනවා. ඒ කෙනා කවුද? ඒ වගේම තමයි විල් ගේ බිරිද අර හොර කැරලිකාරයෝ එක්ක වැඩ කරනවනේ. ඒ ඇයගේ අලුත්ම තත්වය මොකක්ද? මේවට උත්තර හොයාගන්නත් එක්ක කතාව බලන්නකෝ. ඒ වගේම තමයි මේකේ කුතුහලය හොදට තියෙන විදියට මේ කොටස තියෙනවා. ඒ ඇයි කියලා බලනකොට ඔයාලට තේරෙයි..
ඒ වගේම තමයි අර කම්හල මොන වගේ ද සහ මේ නගරය යටත් කරගෙන ඉන්න කස්ටිය ගැන තාම හරියට මුකුත් කිවුවේ නෑ. හැබැයි ඒක තැනක කියන කතාවකින් මම මේක අවසන් කරන්නම්..
“මුළු නගරෙම ආයුධ පැය 8ක් ඇතුළත අක්‍රිය උනා.. එහෙම ඒකෙ මේ ගරිල්ලා කාරයෝ මොනව කරන්නද?”
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!
177 downloads
<<Previous Episode All Episodes Next Episode>>