ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් සබක් ගෙනාවෙ. චිත්‍රපටය බාරගෙන සෑහෙන කාලයක් වෙනව. කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා වැඩි කාලයක් ගතවුනා.
බැස්ටයිල් දිනය කියන්නෙ ප්‍රංශයේ ජාතික නිදහස් දිනය. බැස්ටයිල් දිනයේ ප්‍රංශය පුරාවටම සැමරුම් උත්සව දකින්න ලැබෙනව. ඒ අතරින් සංස්කෘතිය විදහාදක්වන අංග ඇතුලත් හමුදා පෙළපාලිය ප්‍රධාන තැනක් ගන්නවා. කතාවට බැස්ටයිල් දිනයේ ලොකු බලපෑමක් නැතත් පොඩි කරුණු දැනගෙන හිටියම චිත්‍රපටයේ කතාව වැඩි අවබෝධයකින් නරඹන්න පුළුවන්වෙයි.
චිත්‍රපටය Imdb දර්ශකයේ 6.1 ක අගයක් මේ වනවිට ලබාගෙන තියෙනව. කතාව ගැන කෙටි සඳහන්කිරීමක් කරනවනම් මෙහෙමයි, මයිකල් කියන්නෙ ගැටකපන්නෙක්. මයිකල් හොරකම්කරන දේවල් විකුණීමෙන් හොඳ ආදායමක් ලබන අතරෙ සෝයී කියන කාන්තාව සතු බෝම්බයක් සහිත බෑගයකුත් මයිකල්ගෙ හොරබඩුවලට අහුවෙනවා. බෝම්බයක් තියෙන බව නොදන්න මයිකල් බෑගය විසිකලත් ඒ බෝම්බය පුපුරාගිහින් මයිකල් ත්‍රස්තවාදී කණ්ඩායමක අයෙක් විදිහට පලායන්න උත්සහ කරනව. ඒ අතරෙ ඔහුව අල්ලගන්න බ්‍රයර් නම් අපරික්ෂාකාරී නිලධාරියා ක්‍රියාකරනව. ඒත් මයිකල් සැබෑම ත්‍රස්තවාදියෙක් නොවන නිසා තමන්ගෙ නිර්දෝශීබව ඔප්පුකිරීමට වෙහෙසෙන අතරෙදි තවත් බෝම්බ ප්‍රහාරයක් වැලැක්වීමේ අභියෝගය බ්‍රයර්ට ලැබෙනව.
කතාව අවසානයේ නොහිතන සිදුවීමක් වෙයි. ඇත්තටම බෝම්බ ප්‍රහාර ත්‍රස්ත ක්‍රියාවක්මද?
ලිපිය කියවපු අයට නොගැලපීමක් වගේ ඇති. කොහොමටත් ලිපි ලියන්න දක්ෂයෙක් නොවන නිසා අග මුල ගැලපුනේ නැතත් චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නම්. ආයෙත් උපසිරැසියකින් හමුවෙනතුරු,
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Bastille.Day.2016.BRRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.
569 downloads