ඔන්න එහෙනම් 07 වෙනි කොටසත් ගෙනාවා. රියානා දුරු කතර ගෙවාගෙන මාලිගාවට එන ගමන් ඉන්නේ. මේ අතර ග්රෙවෝන් මාලිගාවට එනවා පෝල් හදපු ගිණිකෙලි අරගෙන. ග්රෙවෝන් මේවා අශ්කට පෙන්නනවා. අශ්කා මේක දැකලා පුදුම වෙනවා. දැන් අශ්කා කල්පනා කරන්නේ වෙඩිබෙහෙත් හදන හැටි කොහොම හරි පෝල්ගෙන් අහලා දැනගන්න.
රියානත් මාලිගාව ලඟටම ඇවිල්ලා. නමුත් මුරකාරයෝ රියානට ඇතුලට යන්න දෙන්නෙ නෑ. රියානා තමන් අරගෙන ආව ටේප් එක මුරකාරයන්ට පෙන්වනවා. නමුත් මුරකාරයෝ රියානාව විහිළුවකට අරන් රියානට ඇතුලට යන්න දෙන්නෙ නෑ. දන්නවානේ ඉතින් රියානා කියන්නෙ කවුද කියලා. එයා මොන ජිල්මාට් එක දාලා හරි එයාගෙ වැඩේ කරගන්නවා. මෙයා මුරකාරයන්ටත් කොකා පෙන්නලා කොහොම හරි මාලිගාව ඇතුලට යනවා.
වෙඩිබෙහෙත් ගැන දැනගත්තට පස්සේ අශ්කාට නම් ඕනි පෝල්ට බෝලෙ බස්සලා කොහොම හරි වෙඩිබෙහෙත් හදන විදිහ ඉගෙන ගන්න. ඒ නිසා පෝල්ට බොරු ආදරේ පෙන්නලා හිත දිනාගන්න අශ්කා ලෑස්ති වෙන්නේ. අශ්කා පෝල්ට හොඳට සලකනවා. කන්න බොන්න නාන්න දීලා වෙත් හිරකාරයන්ට නැති විදිහට පෝල්ට සලකද්දි පෝල්ටත් හිතෙනවා ඇති මෙයා එන්නෙ නම් හොඳකට නෙමෙයි කියලා. මේ අතරෙ රියානා මාලිගාව ඇතුලෙ හොරෙන්ම පෝල් හොයාගෙන ඇවිදිනවා. මේ අතර පෝල්ගෙ හෝන් එකේ සද්දය රියානාට ඇහිලා කොහොම හරි කොරියොන්ගෙ කාමරේට යනවා. රියානා කැමරාව ගැන කොරියොන්ට විස්තර කරලා ඒක වැඩ කරන හැටිත් පෙන්වනවා. කොරියොන්ව වීඩියෝ කරලා ආයෙ ප්ලේ කරලා පෙන්නද්දි කොරියොන් බය වෙනවා. දැන් කොරියොන්ට මේක විසඳාගන්න පෝල්ව ඕනි වෙනවා. කොරියොන් පෝල්ව හොයද්දි එයා අශ්කා එක්කන් ගිහින් ඉන්නේ. කොරියොන් පෝල්ව එක්කන් තමන්ගෙ කාමරේට යද්දි රියානත් ඉන්නවා දකිනවා. පෝල් කැමරාව ඔන් කරලා පෝල්ගෙ ලෝකෙ ගැන හැම දෙයක්ම කොරියොන්ට පෙන්නනවා. කොරියොන් මේ දේවල් රාජ්යාධිකාරීන්ට පෙන්වනවා. මේ නිසා හැමෝම විශ්වාස කරනවා පෝල් ආවේ වෙනත් ලෝකයකින් කියලා. මේ අතර අශ්කායි ග්රෙවෝනුයි ලෑස්ති වෙන්නේ පෝල්ව හංගගන්න. පෝල් පැනලා ගිය විදිහට රාජ්යාධිකාරීන්ට අඟවලා පෝල්ව වෙනත් තැකට අරන් යනවා. පෝල්ට පැනලා යන්න උදවු කළා කියලා බොරුවක් කරලා රියානාව හිර කරනවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද? පෝල් පැනලා යයිද? රියානා හිරේ දායිද? ඒක දැනගන්න නම් අද කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 08 වෙනි කොටසත් ඉක්මනින්ම අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
45 downloads