Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kingsglaive: Final Fantasy XV (2016) With sinhala subtitles |සියල්ලන්ගේ අනාගතය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kingsglaive-Final Fantasy XV (2016)

කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි එහෙමනම් අපි බලමු මේක මොනවගේ කතාවක්ද කියලා.

මායාබලයෙන් සපිරුණු සාමකාමී රාජ්‍යයක් තියෙනවා ලුශිස් කියලා. කාලයත් සමග නෙෆ්ලීම් කියන රාජ්‍ය යාන්ත්‍රිකව බලවත් වෙනවා. ඒ හා සමගම ඔවුන් අධිරාජ්‍යවාදී සංකල්පයක් ආරම්භ කරමින් සියලු රාජ්‍ය යටත් කරගන්නවා. ලුශිස් රාජ්‍යයටත් අවසානයේ ඉතුරු වෙන්නේ තමන්ගේ රටේ අගනගරය වන ඉන්සොම්නියාව විතරයි.ඒ නගරය මායා පලිගුවකින් නිර්මිත තාප්පයකින් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා නෙෆ්ලීම්වලට ඔවුන් යටත් කරගත නොහැකිවයි තියෙන්නේ. ඒත් කාලයත් සමග නෙෆ්ලීම් සාම යෝජනාවක් ඉදිරිපත් කරනවා.එයට ටෙනබ්‍රයි රාජ්‍යයේ ලුනෆ්‍රේයා කුමරිය සහ ලුෂිස්හි නොක්ටිස් කුමරුගේ විවාහයත් ඇතුලත්. එය අත්සන් කිරීමට යන දිනයේ නෙෆ්ලීම් සිය සැබෑ අභිප්‍රාය එලි කරමින් ලුශිස් වෙත පහර දෙනවා.ලුෂිස් සේනාවන්හි ඇතැම් පිරිස් පවා සහය දක්වන්නේ නෙෆ්ලීම් අධිරාජ්‍යයට. පාවා දෙන්නෝ කොහෙත් ඉන්නවානේ. ප්‍රහාරයෙන් ලුෂිස්හි රජතුමා වන රේජිස් නෙෆ්ලීම්හි ජෙනරල් ග්ලොකා අතින් මියයනවා. ලුනෆ්‍රේයා කුමරිය සහ රජුගේ මායා මුදුව ආරක්‍ෂිතව නොක්ටිස් කුමරු වෙත ගෙනයාම බාරවෙන්නේ රජුගේ සේනාවේ දක්ෂතම ග්ලෙව්(සෙබලාට) වන නික්ස් ඕල්රික්ට. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ,මොකද මුදුව හොයාගෙන නෙෆ්ලීම් සේනාව සහ ජෙනරල් ග්ලොකා ඔවුන් පසුපස හඹා එනවා. ඒවගේම නික්ස්ට නෙෆ්ලීම්හි ඩීමන්ලා එක්කත් සටන් කරන්න වෙනවා.ඉතින් ඔහු කොහොමද තනියම නෙෆ්ලීම්හි සේනාවත් ජෙනරල් ග්ලොකාත්,ඩීමන්ලත් සමග සටන් කරන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න.

ලිපියනම් අවුල් ඇති.මොකද මම ලිපි ලියන්න එච්චර දක්ෂ නැහැ.  වගකීමෙන් යුතුව කියනවා මේක බාගෙන බැලුවා කියලා කවුරුවත් ඩේටා අපතේ ගියා කියලා දුක් වෙන එකක් නැහැ .සැකයි වගේනම් පුර්ව ප්‍රචාරක පටයක් බලලා ඉන්න. එහෙනම් බාගෙන යමින් ගමන් ඔබේ වටිනා අදහසත් මතක ඇතුව පල කරගෙන යන්න.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු සැමට ජය.

Not all miracles are made by Magic

Bridge of Spies (2015)

Kingsglaive: Final Fantasy XV (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kingsglaive.Final.Fantasy.XV.2016.1080p.WEB-DL.AAC2.0.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>