මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේෆේස් වුණේ.
ඔයාලා දන්නවා ඊතන් කියන්නෙ බෲස් වේන් ගේ හොඳම යාළුවා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් දෙන්නා යාළුවෝ. බෲස් වේන් බැට්මෑන් විදිහට ගෝතම් නඟරය ආරක්ෂා කරන අතර ඊතන් බෙනට්, රහස්පරීක්ෂකයෙක් විදිහට නඟරය ආරක්ෂා කළා. ඒත් අවාසනාවට මම කලින් කිව්ව විදිහට ඊතන්ව ක්ලේෆේස් වුණා.
බෲස් වේන් එහෙමත් නැත්නම් අපේ වීරයා බැට්මෑන් ගේ ඇත්ත විස්තර දන්නේ ඇල්ෆ්‍රඩ් විතරයි. ඇල්ෆ්‍රඩ් කියන්නෙ අම්මා තාත්තා නැති බෲස් වේන් ව පුංචි කාලෙ ඉඳන් ආදරෙන් බලාගත්ත කෙනා. විශ්වාසවන්ත සේවකයා. බෲස් වේන් තමා බැට්මෑන් කියන රහස ඇල්ෆ්‍රඩ් හැරෙන්න වෙන කවුරුත් දන්නෙ නැහැ. ඒත් ඊතන් ක්ලේෆේස් වුණ දවසේ ඊතන්ට බෲස් වේන් ගේ බැට්මෑන් රහස කියන්නයි ලෑස්ති වෙලා හිටියේ. ඒ තරම් ඊතන් බෙනට් බෲස් ට සමීපයි. ඒත් ඊතන් ක්ලේෆේස් වුණ නිසා බෲස් ට ඒ රහස කියන්න වුණේ නෑ. ඉතින් අද කතාව මේ ඊතන් ගැන. ඔන්න බලන්නකෝ. ගිහින් එන්නම්, ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
102 downloads
<<Previous Episode All Episodes Next Episode>>