
ඒ ගැන කිව්වා ඇති. මන් කතාව කියන්නම්කො එහෙනම්.
කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලුකොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක් .එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්‍රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ.ආයේ ඉතින් මෙච්චර කියලත් මේක බලනවද නැද්ද කියල හිත හිතනම් ඉන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි :/ . අපි ගියා එහෙනම්.
සුබ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent link.
The.Secret.Life.of.Pets.2016.HDRip
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.
2326 downloads