එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. මේ වගේම සාතන් නැත්තම් යක්ෂයා පිදීම ගැන කියවෙන චිත්‍රපටියකට මම මීට කලිනුත් සබ් කළා. කොහොම වුණත් මේකෙත් කියවෙන්නෙ ඒ වගේ ඇමරිකාවේ 1980 සහ 90 දශක වල ඇත්තටම සිද්ධ වුණ කතා ගැන තමයි. ඒ කියන්නෙ සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. කථාව සඳහා IMDB අගය 5.8ක් ලැබිල තියනව. හැරී පොටර් චිත්‍රපටියෙන් පස්සෙ එමා වොට්සන්ගෙ හයවන චිත්‍රපටිය තමයි මේ. ඒවගේම හැරී පොටර් චිත්‍රපටියේ අපට හමුවෙන David Thewlis මේ චිත්‍රපටියෙත් රංගනයෙන් දායක වෙනව. එහෙනම් මම දැන් කථාව ගැන විස්තර කරන්නම්.
යොවුන් වියේ පසුවෙන ඇන්ජලා තමන්ගෙම පියා අතින් ලිංගිකව අතවරයට ලක් වෙනව. ඉතිං ඇය ගෙදරින් පිටවෙලා ජීවත් වෙන්න පල්ලියට යනව. ඒ විතරක් නෙවෙයි. මේ සම්බන්ධව නඩුවකුත් වැටෙනව. ඉතිං තාත්ත හිරේ යනව. ඒත් මේ සිද්ධ වෙච්ච කිසි දෙයක් මේ තාත්තට මතක නෑ. ඒ කියන්නෙ එයා දන්නෙ නැහැ එයා දුවට අතවර කළාද කියල. ඒ විතරක් නෙවෙයි. මේකට සම්බන්ධ වුණා කියල ඇන්ජලාගෙ ආච්චි අම්මවත් මේකට පැටලෙනවා. හැබැයි එයාටත් මේක මතක නෑ. ඉතිං මේ යටපත් වෙලා තියන මතකයන් එලියට ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ කෙනර් විසින් මහාචාර්ය වරයෙක් කැඳවනවා. එයා තමයි ස්ටයින්. කොහොමහරි තාත්තගෙ යටපත් වෙච්ච මතක තුළින් මේකට සම්බන්ධ වෙච්ච තවත් කෙනෙක් හෙළි වෙනව. එයා කවුද? කට්ටිය බලනවා ඇති කෝ සාතන් කියල. මේ සිද්ධ වෙලා තියන සිද්ධියේ අභිරහස සාතන් නැමදීමට සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඇන්ජලාට සාධාරණයක් වෙයිද? කථාව අන්තිමේදි වෙනස්ම විදියකට පෙරළෙනවා.
එහෙනම් ඔයාලම බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල. තවත් උපසිරැසියකින් එකකින් හම්බෙමු. ජය!!!
999 downloads