ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්.
චිත්‍රපටය නමින් කම්මට්ටිපාඩගම්[Kammattipaadam]
කතාව ගැන කියනවනම්, මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ක්‍රිෂ්ණන් කියන්නෙ. එයාගෙ යාළුවා තමයි ගංගා. පොඩි කාලෙ ඉදලම මේ අය එකටම තමයි ඉන්නෙ. ගංගාගෙ අයියා තමයි බාලන්. පොඩි වයසෙ ඉදලම මෙයාලා බාලන් එක්ක තමයි ඉන්නෙ. බාලන් කියන්නෙ කසිප්පු පෙරන, මැරකම් කරන ජාතියෙ පොරක්. පොඩි කාලෙ ඉදන්ම බාලන්ව ආශ්‍රය කරන ක්‍රිෂ්ණන් සහා ගංගත් ලොකුවෙනකොට බාලන් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. බාලන් වැඩ කරන්නෙත් වෙන අයට. එයාලා කවුද කියලා ඔයාලම හොයාගන්න. ක්‍රිෂ්ණන්, ගංගා වගේම එයාලගෙ තවත් යාලුවන්ට බාලන්ගෙ අය කෙනෙකුට පිහියෙන් ඇනලා මරන විදිහ වගේ දේවල් කියලා දෙනවා. ආ අමතක වුනා ක්‍රිෂ්ණන් ආදරේ කරන්නෙ අනීතා කියන කෙල්ලට. ඒත් ගංගත් කැමති එයාටම තමා. ඔහොම යද්දි දවසක් එක්කෙනෙකුට මෙයාලා ගහපු සිද්දියකට පොලිසියෙන් මේ අය පස්සෙ පන්නනවා. කොහොමහරි ගංගව අහුවෙනවා. ගංගව බේර ගන්න ඕන නිසා ක්‍රිෂ්ණන් එයාගෙ අතේ තිබුන පිහියෙන් පොලිසියෙ කෙනාව කපනවා. අන්තිමට ක්‍රිෂ්ණන් නතර වෙන්නෙ හිරේ ගිහින්. එතනදිත් එයා ලොකු වැඩ කරනවා. කොහොමහරි ක්‍රිෂ්ණන් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් බාලන් එක්ක එයාගෙ වැඩ වලට උදව් කරනවා. බාලන් කියන්නෙ තමන්ගෙ අය ගැන බලන හොද කෙනෙක්. ඒත් කාටද තරහා කාරයො නැත්තෙ. මෙයාගෙ තරහා කාරයා මෙයාගෙ බඩු පොලිසියට අල්ලලා දෙන නිසා බාලන් එයාව හම්බවෙලා කනේ පාරක් ගහනවා. ඕක හේතුවක් කරගෙන බාලන්ව මරනවා. ඒ නිසා ගංගා සහා ක්‍රිෂ්ණන් අමනාප වෙනවා. මෙයාලා අවුරුද්දක් විතර ගියාට පස්සෙ දැනගන්නවා බාලන්ව මැරුවෙ කවුද කියලා. කස්ටියම ගිහින් බාලන්ව මරපු කෙනාට ගහලා පිහියෙන් අනිනවා. එතනදි මෙයාලගෙ හොදම යාළුවෙක් මැරෙනවා. බාලන් නැති නිසා මෙයාලව කිසි කෙනෙක් බාර ගන්නෙ නැ. එතනදිත් ක්‍රිෂ්ණව පොලිසියෙන් අල්ලගන්නවා. දැන් තේරෙනවනෙ කතාව මොනවගේද කියලා. ක්‍රිෂ්ණන්ගෙ තාත්තා හැම වෙලේම කියන්නෙ ඔයාට හොද කෙනෙක් වෙන්න ඕන නම් වෙන දිහාකට යන්න කියලා. ඒත් ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑනේ නේද.
මම ඔය කිව්වෙ මේ අයගෙ අතීත කතාව. හැබැයි ඕක නෙවෙයි නියම කතාව . මොකද ඔය අතරෙ තව කතාවක් තියෙනවා. ඒ වර්තමානයේ කතාව. ඒ ගැන කියනවනම්, කාලෙකට පස්සෙ ක්‍රිෂ්ණන්ට ගංගගෙන් කෝල් එකක් එනවා. එයා කියන්නෙ එයාගෙ පස්සෙන් කවුද එනවා කියලා…… මෙතන ඉදන් ඔයාලට බාරයි. ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Kammattipaadam (2016) Malayalam DVDRip – 1GB – x264 – AAC – Esub – Chaps – DrC Anniversar
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
534 downloads