අචින්ත උදයංග සොහොයුරා විසින් එවන ලද ලිපිය.
හායි කට්ටිය කොහොමද ඉතින් කට්ටියට. ඕන්න මං ආයෙමත් ඉක්මනටම සබ් එකකට අත ගැහුවා. මේකේ නම තමා orphan (2009).මේක නම් ඔයාලා බයිස්කෝප් අඩවියේ දකින්නත් ඇති. ඒත් මේක සබ් එක තිබුණෙ නැති නිසා තමා මං මේක කරන්න හිතුවේ. මේක අයත් වෙන්නේ Horror, mystery, thriller ගණයට. ඔයාල දන්නවා ඇතිනේ මේ කාණ්ඩයේ ෆිල්ම්වලට මං ගොඩක් නැඹුරුයි කියලා.මේකෙ imdb අගය දැක්වෙන්නේ 7ක් විදිහට.අහන්න දෙයක් නෑ නේ. horror ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබුණ කියන්නේ ආය ඉතින් එළම තමා.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්.
කේට් සහ ජෝන් කියන්නේ අඹුසැමියන්.මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. තුන්වැනි ළමයා ඉපදෙන්න ඉද්දි කේට්ගේ බඩේම මැරෙනවා.කේට් මේකට ඉන්නේ ගොඩක් හිත් අවුලෙන්. ඉතින් මෙයාල තීරණය කරනවා ළමයෙක්ව හදාගන්න ගන්න.ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.මෙයාල හදාගන්න ගන්න ළමයා ගොඩක් දක්ෂයි.දවස් දෙක තුනක් යනකොට කේට්ට මේ ළමයා ගැන අමුත්තක් තේරෙනවා.අන්තිමේදි කේට්ට සහ ජෝන්ට නොහිතූ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා.මේ ළමයා කවුද???මොන මොන රහස් ඇය සතුව තියනවද?ඔයාලත් අරගෙනම බලන්න.අන්තිම වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් කියල නම් මං සහතික වෙනවා. හිතා ගන්න බැරි අවසානයක් තමා තියෙන්නේ.ඔයාලත් අරගෙන බලන්න.අම්මෝ යස්ස කෙල්ලක් නේ!!!
මදුශංක හේමජිත් සොහොයුරා විසින් පල කොට තිබූ ලිපිය.
ඔන්න කොල්ලනේ අද මං අරන් ආවෙ අලුත්ම තාලේ චිත්‍රපටියක්. සුන්දර වෙගේම අසුන්දර සිද්ධීන්ද සමග සෑම තප්පරයකදීම කුතුහලය වැඩි කරවමින් පැය 2ක් පුරා ගලා යන මේ චිත්‍රපටිය බිහිසුණු, අපරාධ සහ ආදරය සෙනෙහසට කැමති ඔබ අනිවාර්යෙන් බැලිය යුතුය.
2009 ජූලි මස 24 තිරගත වීම ඇරබි මෙය IMDb ශ්‍රේණිගත කිරීම් වලින් 7/10ක් ලබා තියෙනව. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගන්නෙ. කේට් සහ ජෝන් හට ලැබීමට සිටින ඔවුන්ගේ 3වන දරුවා කුස තුලදීම මිය යනව. ඒ දුක මකා ගැනීමටත් බාලම බිහිරි දැරියගේ ඉල්ලීම නිසාත් අනාථ නිවාසයක දැරියක් හදාවඩා ගන්න තීරණය කරනව. ඔවුන් තෝරාගන්නේ අරුම පුදුම හැසිරීම් ඇති ගැහැණු ළමයෙක්. ඇය ඈස්තර්. ඈස්තර්ගේ හැසිරීම මෙන්ම කතාබහ, ඇඳුම් පැළදුම්ද ඉතා අසාමාන්‍යයි. ඉතිං මේ ඈස්තර් නම් පුංචි ලස්සන ළමය කරන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.අවසානය මොන අන්දමේ අවසානයක් වේද? ඉතුරු ටික කිව්වොත් කිසිම වැඩක් නැති වෙයි. බාලම බලන්න . ඔයාලට හිතෙනවත් ඇති ළමා කතාවක් කියල. බලපු කෙනෙක්නම් එහෙම කියන එකක් නෑ. කාලෙකට පස්සෙ හොඳ අද්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම චිත්‍රපටයක් වේවි. අනිවා බලන්න. 100% සහතික වෙනව. මටනම් පට්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Orphan.2009.720p.BrRip.x264.YIFY.srt
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
87 downloads