Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Star Trek: The Motion Picture (1979) with Sinhala Subtitles |තරු ගණදුර 1 –පළමු වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Star Trek-The Motion Picture (1979)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට එක් වන උපසිරැසිය අරගෙන ආවා. නම දැක්ක ගමන් ඉතින් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැනේ. කොටස් දහතුනකින් යුක්ත දිගු චිත්‍රපට මාලාවක ආරම්භක චිත්‍රපටය තමා මේක. බයිස්කෝප් අඩවියේ කොටස් පහකට උපසිරසි ලබාදීලා තියනවා. ඒත් පළමු කොටස් හය නැ. ඉතින් හසන්ත සහෝදරයා තමා මේ චිත්‍රපට එකතුව සම්පුර්ණ කරන්න පුළුවන් ද ඇහුවේ. ඉතින් එයාට ඉතින් මම බෑ කියනවද. ඒක හින්ද මම සාමාන්‍යයෙන් දෙන වර්ගයේ චිත්‍රපට නොවුනත් සතියකට එක බැගින් හෝ මේ එකතුවට මම උපසිරසි ඔයාලට අරන් එනවා. Adventure, Mystery, Sci-Fi වර්ගයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb අගය 6.4 අරන් තියනවා.

කතාව ඉතින් කෙලින්ම පිටසක්වල සම්බන්ද දෙයක්. ලෝකෙන් පිට අභ්‍යවකාශ යානා තියන කාලයක් මේ. එයාල හොයා ගන්නවා පෘතුවිය දෙසට විශාල බලයක් තියන පිටසක්වල යානාවක් එනවා කියල. ඒ යානාවට විරුද්දව නැගී හිටින්න පුළුවන් එකම ළඟ තියන යානාව එන්ටර්ප්‍රයිස් කියන අභ්‍යවකාශ යුද යානය. ඒත් ගැටලුවකට තියෙන්නේ එකේ හදිස්සි නඩත්තු කටයුත්තක් කරමින් ඉන්නේ. ඒත් කොහොමහරි  ප්‍රශ්න ගොඩක් මැද්දේ පිටසක්වල යානාව වෙතට මෙයාල යන්න උත්සාහ කරනවා. ඉතින් එයාලට ඒ කාර්යය කරන්න පුළුවන් වෙනවද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියල කියනවා.  ඒවගේම ඒ ඇත්තම පිටසක්වල ජිවින්ද කියල ගැටළුවකුත් තියනවා.

කලින් කියුව විදියට මේ චිත්‍රපට මාලාව දිගු එකක්. ඉතින් සතියකට එක බැගින් ඉතිරි කොටස් ටික ඔයාලට අරගෙන එන්නම්. මම ඊළඟට ඔයාලට අරන් එන්නේ තවත් සත්තු වගේම පුරාන ලෝකේ නිධානයක් හොයාගෙන යන ලස්සන කතාවක් තියන චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් ඉක්මනට එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.

බුදු සරණයි  …..!

Star Trek: The Motion Picture (1979) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.The.Motion.Picture.1979.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>