කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට වඩා පමා වුනා. ඉතින් කොටස් දෙකම එකට තිබ්බ නිසා මටත් සබ් ඒක දෙන්න කල් ගියා.පරිවර්තනය කරන්න තිබ්බ පේලි ගාණත් බොහොම වැඩියි. ඉතින් පමාවට සමාව අයදිනවා,
හොදයි එහෙනම් රොබට් ජැක්සන්ගේ කණ්ඩායම එක්ක එකතුවුනානේ. පස්සේ ඔන්න කිව්වත් වගේ ජැක්සන්ලව රොබට් පැන්ජියාවට එක්කන් යනවා, ඒක විද්‍යාඥයින් පර්යේෂණ කරන තැනක්. මේගොල්ලෝ තමා ප්‍රතිකාරය වගේම නෝවා ව්‍යාපෘතියත් දියත් කරන්න උදව් කරන්නේ. අද කතාවෙන් තවත් ප්‍රධාන චරිතයක් සමුගන්නවා. එහෙම කිව්වට ඒක සහතික නැහැ.
ඉතින් සත්ව ව්‍යසනය නවත්තන්න මිච් ඇතුළු කණ්ඩායමට හැකිවෙයිද? හොල්මන් ජානය නිසා වෙනස් වෙන ජැක්සන්ව හොද කරන්න හැකි වෙයිද වගේ දේවල් බලලම දැනගන්න. කියන්නනම් ගොඩාක් තියේ, ඒත් එහෙම කලොත් ඔයාලගේ කුතුහලය නැතිවෙන නිසා කියන්නේ නැහැ. එහෙමනම් කතාමාලාව ආරම්භයේ සිට මා හා රැදී සිටිමින් සවියක් වුන් සැමට ප්‍රණාමය. සූ තෙවන කතාමාලාවත් ලබන වසරේ එනෝ.. එහෙනම් යලිත් සූ සමගින් 2017දි පුළුවන් වුනොත් හම්බවෙමුකෝ.
12,13 කොටස් දෙකෙහිම උපසිරසි ලබාදී ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
201 downloads
<< Previous Episode All Episodes Next Episode>>