Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Flash [S02 : E11] with Sinhala Subtitle |රිවස් ෆ්ලෑෂ් ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The-Flash-S2P6

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් එයාව අල්ලාගන්න අපි හැදුවා. ඒත් ඒක කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම වොලී සෙන්ට්‍රල් ටවුන් එකට ආව නිසා ජෝ එයාට රෑ කෑමකට ආරාධනා කලා. හැබැයි ඉතින් එයා ඒකට ආවෙ නම් නෑ.

කොහොම හරි අපි ටර්ටල්ගේ ඊලග ඉලක්කය හොයාගත්තා. එයා කෞතුකාගාරයේ තියෙන වටිනා චිත්‍රයක් හොරකම් කරන්නයි හදන්නේ. ඒ මෙහෙයුම අතරේ මම හිතුවා පැටීට මං ගැන ඇත්ත කියන්න. ඒ නිසා එයාටත් එතනට එන්න කියලා කිවා. හැමදේම සාමාන්‍යයෙන් තියෙන වෙලාවේ ටර්ටල් එකපාරටම එතනට ඇවිත් එයාගේ බලය පාවිච්චි කරලා ඒ වටේ හැමදේම ස්ලෝ කලා. ඒ වෙලාවේ පැටී එයාගේ තුවක්කුවෙන් තියන්නයි හැදුවේ. ඒක දැක්ක ටර්ටල් තුවක්කුව අරගෙන පැටීට උඩින් තියෙන ලයිට් එකකට වෙඩි තියලා එයාගේ ඇග උඩට කඩලා දැම්මා. කොහොම හරි බොහොම අමාරුවෙන් මට එයාව බේරාගන්න පුලුවන් වුනා. හැබැයි පැටී දැක්කේ එයාව ෆ්ලෑෂ් බේරුවා කියලයි. හැබැයි වෙච්ච දේ ගැන පැටී එච්චර සතුටු නෑ. මොකද මම එතන එයාව තනියම දාලා ගියපු නිසා.

ඔය අතරේ ටර්ටල් පැටීගේ ගෙදරට ඇවිත් එයාව පැහැරගෙන යන්න ගිහින්. ඒ මොකද ෆ්ලෑෂ් එයාව බේරාගන්න ගොඩක් උත්සහ කරපු නිසයි. ටර්ටල් දන්නවා පැටීව ආරක්ෂා කරන්න ෆ්ලෑෂ් ඕනිම දෙයක් කරනවා කියලා. ඉතින් මේ මාර්ගයෙන් ෆ්ලෑෂ්ව පරද්දන්නයි එයා හදන්නේ. ටර්ටල් කරදරයක් කරන්න කලින් අපිට පැටීව බේරාගන්න පුලුවන් වුනා.

The Flash (2014) on IMDb

 

 

181 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

50BEDB3A6265EB5E5215F12B19C5091BA6C99653

219 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

812F0D9CC9297DA147CA5C7F23D4FB693B799FEC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>