ඇත්තටම කියනවනං මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. එත් පළවෙනි උපසිරැසි නිර්මාණය වුණාට ඒක එච්චර රසවත් අත්දැකීමක් වුනේ නැහැ. ඒකට හේතු වුනේ හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් හම්බුණේ නැති එක. ඉන්ටර්නෙට් එක පුරා හෙව්වත්, හම්බුණු හැම ඉංග්‍රීසි උපසිරැසි පිටපතම Google Translator එකෙන් චීන භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපුවා. ඔයාල දන්නවා ඇතිනේ Google Translator එකෙන් පරිවර්තනය කරනකොට ඒක පෙරදිග භාෂාවලට හොඳට වැඩකරන්නේ නැති බව. (සිංහල තමා හොඳම උදාහරණේ) ඒ නිසා මට හොයාගන්න පුළුවන් උන ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ හුඟක් වැරදි තිබ්බා. ඒ නිසා ඒක තේරුම් ගන්න චිත්‍රපටිය නැවත නැවතත් කිහිප සැරයක් බලන්න වුණා. (සමහරවිට දැනටත් මේකේ වැරදි කිහිපයක් ඇති) කොහොම හරි එහෙම කරලා මේ බයිස්කෝප් වෙබ් අඩවියට හොඳ ගුණාත්මක තත්වයේ සිංහල උපසිරසියක් ලබා දෙන්න පුළුවන් වුණා.
මේක හොංකොං වල නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. මේකේ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ චීන භාෂාව. මේකේ ඉන්නේ චීන චරිත. ඒත් මේකේ එන චීන නම් උච්චාරණය කරන්න කෙසේ වෙතත් චිත්‍රපටය බලන ගමන් ඉක්මනට කියවගන්න ඔයාලට පහසු වෙන්න, ඊට ලඟින් යන නම් පාවිච්චි කළා. ඒක පුළුවන් තරම් ඔයාලට නොදැනෙන විදියට කලත් මේකේ එන ප්‍රධාන චරිතේ නම එහෙම කරන්න අමාරුයි. එකේ වෙනසක් ඔයාලට බලන කොට පොඩ්ඩක් දැනෙයි. මේ ෆිල්ම් එක ප්‍රථම වතාවට තිරගත කරලා තියෙන්නෙත් හොංකොං වල; 2015 මැයි 17 වෙනිදා. දුක කියන්නේ මේකට තියෙන්නේ 4.8 ක IMDb අගයක්. මේක චීන ෆිල්ම් එකක් වුනු නිසාත්, චීන භාෂාවෙන් තියෙන නිසා වගේම හොඳ ඉංග්‍රීසි උපසිරසියක් නොතිබ්බ එක එකට බලපාන්න ඇති. එත් එහෙම වෙලත් 4.8 ක IMDb අගයක් ගත්ත එක ලොකු දෙයක්. මේක පැය එකයි විනාඩි 48ක් විතර කාලයක් පුරා දිවෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩෙරෙක් ක්වොක් සහ හෙන්රි වොන්ග් කියන අය. (නළු නිළියන්ගේ නම් දැම්මේ නැත්තේ, එයාල එච්චර ප්‍රසිද්ධ ඇය නොවන නිසා වගේම ඒවා සිංහලෙන් ගහන්න අමාරුයි) මේකේ තියෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ කතාවක්. මේක ගැන ඉංග්‍රීසියෙන් කියනවනං මේක Sports Comedyයක්. මේක මම “ප්‍රතිප්‍රහාරය” කියල නම් කලෙත් එක හේතුවක් මත. මේකේ ඉන්න ප්‍රධාන චරිතේ කතාවේ වර්තමාන කාලෙට අවුරුදු 10කට කලින් චීනයේ හිටපු හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. තව “විශ්‍රාමික” හොරු රැළකුත් ඉන්නවා. ඉතිං…. නෑ ඕන නෑ. ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. ඒවගේම චිත්‍රපටියේ චරිතවලට වමනේ යන දර්ශන ටිකකුත් තියෙනවා. ඒවා ටික පරිස්සමින් බලන්න, ඔයාල එහෙම කරගන්නේ නැතුව.
පටන්ගද්දීම කිව්වා වගේ, මේ ෆිල්ම් එක මට උපසිරැසි කරන්න හිතුනේ, මම මේ ෆිල්ම් එක බලන්න ගන්නකොට මේකට සිංහල උපසිරසියක් තියා හොඳ ඉංග්‍රීසි උපසිරසියක්වත් නොතිබ්බ නිසා. මේක භාරගන්න කොට මට විශේෂයෙන් උදව් කරපු හසන්ත වික්‍රමරත්න සහෝදරයාව මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම රොයිලි ප්‍රනාන්දු සහෝදරයව. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක බලල, උපසිරැසි කරල තියෙනවා හොඳයිනම් ඇවිත් comment එකක් දාල යන්න. එක ඊළඟ උපසිරැසිය කරන්න මට ලොකු හයියක්. තවත් උපසිරසියකින් ළඟදීම හම්බෙමු. තෙරුවන් සරණයි! ජය වේවා!
හොඳම රසවින්දනය සඳහා Media Player Classic භාවිතා කරන්න. ඇතැම් උපසිරැසි වල විශේෂ දේ KMPlayer වැනි player වල ක්‍රියාත්මක නොවනු ඇති.
56 downloads