Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Danish Girl (2015) with Sinhala Subtitles |ලිලී නම් වූ ඔහු…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන වෙනස්ම සලරුවක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්න. 

ග්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපතිතුමා කියලා තියන ප්‍රසිද්ධම කියමනක් තමයි, “මට බැරි පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත්, ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් විතරයි” කියන එක, නමුත් මේ අද ගෙන්න යන සලරුව ඒ කතාව තරමක් බොරු කරවන එකක් වේවි. අද ලෝකයේ පිරිමියෙක් ලෙස ඉපදුනත් ලිංග වෙනස්කිරීමේ සැත්කමක් කරලා ගැහැනියක්බවට පත් වුන කතා අහන්න දකින්න නැතුව නෙමෙයි. නමුත් 1920 ගණන් කියන්නේ සම ලිංගිකත්වය පවා බොහොම අමුතු ඇහැකින් දැක්ක කාලයක්. ඉතින් මේ කාලයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර තමයි අයිනා වෙග්නර් ජිවත් වෙන්නේ ඔහු සුප්‍රසිද්ධ භූ දර්ශන සිතුවම් ශිල්පියෙක්. ඔහුගේ බිරිද වෙන්නේ ගර්ඩා වෙග්නර් ඇයත් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔවුන් දෙදෙනා විවාහ වෙලා වසර 5 කට වැඩි නමුත් තවමත් ළමයින් එහෙම නැහැ. දිනක් ඇයගේ සිතුවමක් වෙනුවෙන් ඔහු ඇයට උදව් වෙනවා කාන්තා මේස් යුවලක් පැලදීමෙන්… මේ සිද්ධියෙන් තමයි සියල්ල කණපිට හැරෙන්නේ…

තමන් තුල ලෝකයාට නොපෙනන ලෙස සගවාගෙන උන් කාන්තා සිතුවිලි ඔහු තුලින් එලියට එන්න ගානවා… වෛද්‍ය විද්‍යාත්මකව මේකට හේතු වෙනවා කියන්නේ නම් අපේ ශරීරයේ වර්ණ දේහ යුවල 23 තියනවා, එකෙන් එක යුවලක් තමයි අපේ ලිංගය තීරණය කිරීමට බලපාන්නේ. මෙයින් XX කාන්තාවන් ලෙසත් XY පුරුෂයන් ලෙසත් තමයි එකතු වෙන්නේ. නමුත් අසාමාන්‍ය සිදුවීමකදී XXY හෝ XYY වැනි විපර්යාසයක් විය හැකි. මෙයින් XYY වුවහොත් එය XYY සහලක්ෂණය ලෙසත්. XXY වුවහොත් එය Klinefelter සහලක්ෂණය ලෙසත් හදුන්වනු ලබනවා. ඉතින් මෙතන අපේ කතාවේ ප්‍රධාන චරිතය වන අයිනා වෙග්නර් Klinefelter සහලක්ෂණයෙන් පෙලෙන්නෙක්. ඔහු පිරිමි දේහයක් තුල ඉපදුනත් ඔහුගේ රසායනික සංයුතිය කාන්තාවක් හා බොහොම සමානයි. ගර්ඩාගේ ක්‍රියාවෙන් ඔහුගේ සිරුරේ ඇතුලාන්තයේ ඇති යමක් පණ ලබනවා ඒ තමයි ලිලී… ඇය හා ගර්ඩා ගෙවන ඒ ධෛර්යයවන්ත ජීවිතය හා ඒ සංවේදී කතාව තමයි මේ සලරුව තුල ගොඩ නැගෙන්නේ. අයිනා වෙග්නර් තමයි ලොව මුල්ම ලිංග වෙනස් කිරීම සැත්කමකට ලක්වූ තැනැත්තා ලෙස වාර්තාගත ඉහිතාසයට එක්කාසු වෙන්නෙත්. ඉතින් ඔහුගේ කතාව තමයි මේ… ඔහු කිව්වම හරි ද මම දන්නේ නැහැ… කොටකත් ඔහු/ඇය කියමුකෝ…     

මෙය අයිනා හා ගර්ඩාගේ ජීවිතය යම් තරමක් පාදක කරගෙන David Ebershoff  අතින් මෙම නමින්ම රචිත ග්‍රන්ථය Lucinda Coxon තමයි පිටපතක් බවට පත් කරන්නේ මේ සලරුව වෙනුවෙන්. Tom Hooper තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ. ගිය හොඳ නළුවා ලෙස ඔක්සා සමාන ලාභී Eddie Redmayne මෙවරත් ඔස්කා නාමයෝජනා දිනා ගැනීමට සමත් වෙනවා මේ චරිතය වෙනුවෙන්. ඔබ දැක්කොත් පුදුම වේවි ඔහු තනිකරම කාන්තාවක් ලෙස වන වෙනස් වීම. ඔහුගේ දිරිය බිරිද වන ගර්ඩා වෙග්නර් ලෙස එක්කාසු වෙන්නේ මේ 2015 වසරේ බොහොම හපන්කම් දැක්වූ නිලියක් වෙන Alicia Vikander ඇයත් ඇයගේ චරිත නිරුපනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස ඔස්කා නාම යෝජනා ලබාගන්න සමත් වෙනවා. එකතුවක් ලෙස ගත්තොත් මෙම චිත්‍රපටය ඔස්කා සම්මාන 4 සඳහා දැනට නාම යෝජනා ලබලා තියනවා.

විචාරක ප්‍රේක්ෂක පැසසුම ගැන කතා කරනවා නම් IMDB 6.8 ක් වගේ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙන්නේ මිලියන 25 වගේ මුදලක්. රෝටන් ටෝමාටෝ 70% වගේ ඉළහ ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපට සමත් වෙලා තියනවා.

එහෙනම් ඉතින් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඹ සැමට ජය වේවා !!

 

The Danish Girl (2015) on IMDb

 

 

700 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

C88C1E5E4E38EA25ECC5F0C4B97BC1CF61EC08E0

1.57 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

899A425D9E8E613B1B142498EBB2470BD56E51E8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>