Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Jack and the Cuckoo-Clock Heart AKA Jack et la mécanique du coeur (2013) with Sinhala subtitles |හදවත ඔරලෝසුවක් වූ කොලුවා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Jack and the Cuckoo-Clock Heart (2013)

ඔන්න එකමත් එක කාලෙක, ලෝකේ තිබුන සීතලම දවසේ, ජැක් කියලා පුංචි ළමයෙක් ඉපදෙනවා. ඉපදෙනකොටම ජැක්ගේ හදවත අයිස් කුට්ටියක් වෙලයි තියෙන්නේ. ඒත් මැඩලින් කියන මායාකාරිය (වෙදැදුරිය) එයාගේ හදවත වෙනුවට කුරුළු ඔරලෝසුවක් (cuckoo clock එකක්) බද්ධ කරනවා. ඒකෙන් පුංචි ජැක්ගේ ජීවිතය බේරෙනවා. කොහොමහරි ජැක් හැදී වැඩෙන්නෙත් මැඩලින් ලගයි. මැඩලින් ජැක්ට හරිම ආදරෙයි. ජැක්ට එයාගේ හදවතේ යාන්ත්‍රනය හොඳින් තියාගන්න නම් නීති තුනක් පිළිපදින්න ඕන. 1) එයාගේ ඔර්ලෝසුවේ කටු අල්ලන්න හොද නැහැ. 2) කේන්තිය පාලනය කරගන්න ඕන 3) කවදාවත්ම ආදරය කරන්න බැහැ. මේ නීති කැඩුවොත් ජැක් මිය යන්න පුළුවන්. කොහොම හරි ජැක් එයාගේ උපන්දිනය දවසේ මැඩලින් එක්ක යනවා නගරය බලන්න. එතනින් පස්සේ තමා කතාවේ හොදම හරිය එන්නේ. ජැක් නගරෙදි මොනවා දකීවිද? එයා ආදරයක පැටලේවිද? ජැක්ට මොනවගේ අකර තැබ්බ වලට මුහුණ දෙන්න වේවිද? ඉතුරු ටික දැනගන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා. කතාවේ අවසානය නම් ඔයාලට හිතාගන්නත් බැරි වෙයි. ආයි ඒකේ දෙකක් නෑ.

හොදයි චිත්‍රපටිය දිහාවට හැරුනොත් මේක 2013 වසරේ තිරගතවුනු ප්‍රංශ animation චිත්‍රපටියක්. English dubbing කරලා තියෙන්නේ. සලරුව IMDb මීටරේ 7.0 විදියට පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම චිත්‍රපටියේ සංගීතය ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න ඕන. සංගීත කටයුතු මෙහෙයවා තියෙන්නේ ප්‍රංශ රොක් සංගීත කණ්ඩායමක් වන dionysos සංගීත කණ්ඩායමයි. මේකට හරියන හරි english sub එකක් හොයාගන්න ටිකක් අමාරුවුනා. ඒත් මං හිතනවා උපසිරැසියට හොඳ සාධාරණයක් ඉෂ්ථ කලා කියලා. මොනව වුනත් අඩු පාඩු තියෙයි නම් සමාවෙන්න හොදේ. හරි කතාවත් කිව්ව එකේ, යාළුවනේ මෙන්න බලන්න… Jack and the cuckoo clock heart!

ජය වේවා…!!!

Jack and the Cuckoo-Clock Heart (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jack and the Cuckoo-Clock Heart (2013) 720p BluRay [G2G]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>