Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S02 : E01] with Sinhala Subtitles |සැබෑ ජේන්? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

හම්මේ… කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බෑ. කාලෙකින් වැඩේට බැහැපු නිසා ලිපි ලියල හුරු නෑ වගේ. 😀 සාමාන්‍ය විදිහටම පටන්ගමුකො එහෙනම්.

ජේන් ඩෝ, එහෙමත් නැත්නම් ටයිම්ස් චතුරශ්‍රයෙන් මතුවුනු අනන්‍යතාවක් නැති කාන්තාව ගැන මුල්ම කොටස NBC නාලිකාව හරහා 2015 සැප්තැම්බර් 21 වැනිදා විකාශය වුනා. එදා ඉඳන් මාස හතක් පමණ කාලයක් පළමු කතාසමය විකාශයවුනු Blindspot කතාමාලාවෙ දෙවෙනි කතාසමය නිකුත්වුනා. ටීවි සීරීස් නියඟය ඉවරයි. 😉  .

පළමු කතාසමය නොබලපු කෙනෙක් ලිපිය ඉදිරියට කියවන්නෙ නැතුව මුල් කොටස් බැලුවනම් වඩාත් කතාව රසවත් වෙයි.

මුල් කතාසමයේ ප්‍රධාන චරිත කිහිපයක්ම දකින්න ලැබුණා.

  • ජේන් ඩෝ- Jaimie Alexander
  • කර්ට් වෙලර්- Sullivan Stapleton
  • ඔස්කාර්- François Arnaud
  • බෙතර්නි මේෆයර්- Marianne Jean-Baptiste

දෙවෙනි කතාසමයෙදි මම ඉහත සඳහන්කරපු චරිතවලින් චරිත දෙකක් විතරයි දකින්න ලැබෙන්නෙ. ඊට අමතරව තවත් අළුත් චරිත කිහිපයක්ම දකින්න ලැබෙනවලු. 😀  .

පළමු කොටස්වල ප්‍රධානම ගැටළුවක් වුනේ අනන්‍යතාවයක් නැති කාන්තාව සැබෑවටම ටේලර් ෂෝ ද යන්නයි. කොහොම වුනත් කතාව අවසානය දක්වා බලපු අය දන්නව ඇය ටේලර් ෂෝ නෙවෙයි. එහෙනම් ඇය කවුද? දෙවෙනි කතාසමයෙ පළවෙනි කොටසෙදිම ඒ ප්‍රශ්ණයට පිළිතුරක් ලැබෙනව. කොහොම වුනත් ඒ පිළිතුර සත්‍ය හෝ අසත්‍යවීම ඉදිරියේදි බලාගන්න ලැබෙයි.

අවසන් කොටසේ කතාවට මෙතෙක් නොතිබුණු නමක් ඉදිරිපත්වුනා. “ෂෙපර්ඩ්.” ඇත්තටම මේ ෂෙපර්ඩ් කවුද? දැනට දන්න විදිහට ෂෙපර්ඩ් කියන්නෙ ජේන්ගේ සංවිධානයේ ප්‍රධානියා. ඇය සැබෑවටම කවුද කියන ප්‍රශ්ණයටත් මේ කොටසෙදි පිළිතුරක් ලැබෙයි.

අවසානයේ ජේන් ඩෝ FBI අත්අඩංගුවට පත්වුනා. කොහොම වුනත් දෙවෙනි කොටස පටන්ගන්නේ ඇය CIA රහස් වධකාගාරයක රඳවා තැබීමකින්.

ඇත්තටම ජේන් කවුද? ඇයගේ ප්‍රධාන මෙහෙයුම කුමක්ද? ෂෙපර්ඩ් කවුද? මේ ගැටළුවලට පිළිතුරු හොයන්න Blindspot දෙවෙනි කතාසමය සමඟ එකතුවෙන්න. එහෙනම් වෙනද වගේ උපසිරැසිය ගන්න ගමන් මොනාහරි කොටාගෙන යන්න. 😉

ඊළඟ කොටසින් හමුවෙමු. ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season              All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>