අද බයිස්කෝප්වාසීන්ට ගෙනාවේ තවත් හිංදි කොමඩියක්. ටොරන්ට් සයිට් වල දැනටමත් දැකලත් ඇති නේ. Great grand masti. තිරගත කරන්න ආරම්භ වෙලා තියෙන්නේ ජූලි 15 වෙනිදා. මේ හිංදිය භාරගැනීමක් නෙවෙයි. සමීර චතුරංග සහෝගෙන් පැවරුණු එකක්. පුලුවන් ඉක්මනින් ඔයාලට ගෙනාවා. මේක නිකන්ම ආපු කොමඩියක් නම් නෙවෙයි. මේකට ඉතිහාසයක් තියනවා. මුල් කොටස් බලලා ඇති කියලා හිතනවා ඔයාලා. මෙහෙමයි මේකේ කොටස් ආවේ.
- මේකේ පළවෙනි කොටස Masti ( 2004 ) කියලා නිකුත් උනා.
- මේකේ දෙවෙනි කොටස Grand masti ( 2013 ) නිකුත් උනා.
- මේ චිත්‍රපටය තුන්වන කොටසක් වශයෙන් Great grand masti ( 2016) දී නිකුත් උනා.
නිළියන්ගේ සමහර වෙනස් වීම් තිබුනත් ප්‍රධාන චරිත තුන විදිහට 2004 – 2016 ඉදලා ආපු තුනේ රගපෑවේ Riteish, Vivek, Aftab යන තුන් දෙනා තමයි. අපි බලමු 2016 කතාවේ මොකද වෙන්නේ කියලා.
ප්‍රේම් අම්ර් මීත් කියලා කියන්නේ හොදම යාලුවෝ තුන්දෙනෙක්. මේ කතාවෙත් එයාලට සිද්ධ වෙන අකරතැබ්බ ගැන තමයි තියෙන්නේ. අමර් විවාහ වෙලා ඉන්නේ සප්නා එක්ක. අමර් විවාහ වෙලා ඉන්නේ සප්නලාගේ ගෙදර. ඒ ගෙදර සප්නගේ අම්මාත් ඉන්නවා. ඒයා අමර්ට ලොකු වදයක්. කොටින්ම කිව්වොත් අමර්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ සප්නගේ අම්මට ඕනි විදිහට. සප්නගේ අම්මා අන්ධභාක්තිකයෙක් වගේ. බාබූ කියන හොර ස්වාමී වරයා කියන පදේට නටන කෙනෙක්. ඇයට ඕන වෙලා තියෙන්නේ එයාගේ නැතිඋන මහත්තයා ආපහු ගෙන්න ගන්න. මේ බොරුවට දගල සප්නගේ අම්මව අමර්ට පේන්න බැහැ. එහෙන් එහෙම සිද්දි වෙද්දී ප්‍රේම්ට ප්‍රේම්ගේ බිරිදගේ නංගිගෙන් කරදරේ. කොයිවෙලාවේ බැලුවත් අක්කා කියාගත්තු ගමන්මයි. කොච්චර නැට්ටක් වෙලාද කිව්වොත් රෑට නිදාගන්නෙත් ප්රේමුයි එයාගේ බිරිදගෙයි අතර. කරුවලට බයේ. ප්‍රේම්ට ඕන උනේ කොහොම හරි නිශා( ප්‍රේම් ගේ බිර්ද) ගේ නංගිගෙන් බේරෙන්න. අපි යමු මීත් ගාවට එයා විවාහා වෙලා ඉන්නේ රේඛාව. ඇයගේ අයියා හරි හයේ හතරේ මිනිහෙක්. රෙස්ලින් තරගෙකට එනවා කියලා මිනිහා දැන් දිගටම ඉන්නේ එයාලගේ ගෙදර. ඒක ප්‍රශ්නයක් නෑ කියමු . එයාලගේ ප්‍රශ්නේ හරි අමුතු එකක්. ඒක දැම්මම කියන්න ඕන්නෑවගේ. මේ අතරේ ප්‍රේම් ගේ බිර්ද එයාගේ නංගිගෙන් බේරෙන්න එයාව උසස් අධ්‍යාපනයට වෙනරටකට යවන්න ලක්ශ දහයක් ඉල්ලනවා ප්‍රේම් ගෙන්. එයා ගාව එපමණ මුදලක් නැතිනිසා එයා යනවා අමර් මුණගැහෙන්න. එයා ගාව තියනවා දූත්වාඩී වල බංගලාවක් එයාල එකගතාවයට එනවා මේ බංගලාව විකුනලා මේ මුදල්දෙන්න. ඒක විතරක් නෙවෙයි. දූත්වාඩී කියන්නේ ලස්සන ගැහැණු අය ඉන්න ගමක්. එයාලගේ බිරින්දෑ වලින්ගෙනුත් බේරිලා ටිකක් නිදහසේ ගත කරන්න කියලා එයාලා යනවා එහෙට. ඒ බංගලාව ටිකක් අත්භූත ඉතිහාසයක් තියන බංගලාවක්.ඒ බංගලාවට වැහිලා ඉන්න භූතයෙක් ඉන්නවා. එයා බලන් ඉන්නේ බංගලාවට කවුරුහරි එනකල්. ඉතින් මේ ගැන මුලදි මේ තුන්දෙනාට ආරංචි උනත්, එයාලා ගනන් ගන්නෑ.එයාලා ඒ බංගලාවට යනවා.
කතාවේ පොඩි සාරාංශයක් තමයි කිව්වේ, ඉතුරු ටික දැනගන්න. ෆිලුම බලමු එහෙනම්. කොමඩියක් . කතාව රසවිදී කියල හිතනවා.එහෙනම් මම සමුගන්නවා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු. ලුසිෆර් කතාමාලාවත් තව දවස් කීපයකින් එනවා. දෙවෙනි මාලාවේ පළමු එපියෙන් මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Great Grand Masti [2016] Hindi DVDRip x264 700MB ESubs_track3_eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
793 downloads