Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Friend Request (2016) with Sinhala Subtitles |මිතුරු ආයාචනය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Friend Request (2016)

හැමදාම වගේ ෆිල්ම් බලන අය වෙනුවෙන් තවත් ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවෙ. මේකනම් ඉතින් ටිකක් විතර බය හිතෙන ෆිල්ම් එකක්.මොකද කිවුවොත් මේ ෆිල්ම් එක Horror | Thriller ගණයට තමයි වැටෙන්නෙ. මේක 2014 වර්ෂයේ තිරගතවුනු unfriended චිත්‍රපටයට තරමක් සමාන චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්. 5.5ක වගේ IMDB අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.

කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. චිත්‍රපටයෙ නම ඇහුවහමත් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ facebook එකනෙ. ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙත් මේ ෆේස්බුක් ජාලය හරහා බොහොම භයානක සිද්ධියකට මූන දෙන තරුණ වයසෙ ගෑණු ළමයෙක් ගැන.නමින් ඇය ලෝරා වුඩ්සන්. ඉතින් දවසක් මෙයාට ෆේස්බුක් එක හරහා මිතුරු ආයාචනයක් එනව, මරීනා මිල්ස් කියල කෙල්ලෙකුගෙන්. ඇත්තම කිවුවොත් මෙයාගෙම පන්තියෙ ඉන්න ගැහැණු ළමයෙක්ගෙන්. ඉතින් ලෝරත් මේ මරීන කියන අලුත් යාළුවව ආශ්‍රය කරන්න පටන්ගන්නවා. හැබැයි ටික දවසක් යනකොට තේරෙනව මේ ගෑණු ළමය අනිත් ගැහැණු ළමයින්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියල. ඉතින් එදා ඉදන් ලෝරා මේ ගෑණු ළමයව ටිකෙන් ටික දුරස් කරන්න පටන්ගන්නවා. ඉතින් දවසක් ලෝරගෙ උපන්දිනේ දවසෙදි මෙයා මෙයාගෙ යාළුවොත් එක්ක උපන්දින සාදෙ ජයටම සමරන්න කල්පනා කරනවා. ඉතින් මරීනත් මේ උත්සවේට එන්නද කියල ලෝරගෙන් අහනවා. ඒත් ලෝරා මරීනට බොරු කියල එයාගෙ හොදම යාළුවො එක්ක විතරක් උපන්දින සාදෙ පවත්වනවා. හැබැයි මේ ගැන මරීනට ආරංචි වෙනවා. එයා ඒ ගැන ගොඩක් දුක්වෙනව වගේම ලෝරත් එක්ක වෛර බැදගන්නවා. ඉතින් මරීනා තමුන්ගෙ ලැප්ටොප් එක ඉස්සරහම ඇගට ගිනිතියාගෙන බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා. හොදම හරිය පටන්ගන්නෙ ඉතින් එතන ඉදන් තමයි. එහෙනම් කැමති අය අරගෙන බලන්න. horror ෆිල්ම් රසිකයන්ට කිියාපු ෆිල්ම් එකක්. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන තුරා ඔබ සැමට ජය!සතුට!!සාමය!!!

Be careful who you click with.

Friend Request (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Friend.Request.2016.BRRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>