ගිය සතියේ ඉක්මනටම දෙන්න පොරොන්දු වුනත් ඒ පොරොන්දුව ඉටු කරන්න බැරිවීම ගැන සමාව අයදිනවා. කට්ටිය දන්නවා ඇතිනේ බයිස්කෝප් අඩවියේ සුහද හමුවක් තිබ්බ වග . ඉතින් සෙනසුරාදා දවසම ඒකට ගත වුනා. ඉරිදා හවහ තමා මේකේ වැඩ පටන්ගත්තේ. ඔන්න පුළුවන් ඉක්මනටම කොටලා කොටලා අරන් ආවා.
පළමු කතාමාලාව
මතකනේ ආරම්භයේදීම ආගන්තුකයින් පිරිසක් විනාශ වූ යානයකින් අවදි වුනා. නමුත් කිසිවෙකුත් තමන් කවුද යන වග දැනන් හිටියේ නැහැ.ඉතින් ඔවුන් මෙලෙස තම අනන්‍යතාව ගැන කරුණු කාරනා සොයද්දී දැනගැනීමට ලැබුනේ විශ්වයේ වඩාත් භයානකම අපරාධ කණ්ඩායම ඔවුන් බවයි. ඉතින් ඊළගට ඔවුන්ට පැන නැගුන ගැටලුව තමන්ගේ මතකය නැතිවුනේ කොහොමද කියන එක.ඒකට ක්‍රම ක්‍රමයෙන් පිළිතුරු ඔවුන්ට ලැබුනා.ඒ ඔවුන්ගේ සතුරන්ගෙන් සහ ෆයිව්ගේ මතකයන්වලින්. මතකනේ ෆයිව් ළග හැමෝගෙම මතකයන් තිබ්බ බව. නන්නාඳුනන පිරිසක් ලෙස ඔවුන් අවදි වුනත් කාලයත් සමග ඔවුන් අතර මිත්‍රත්වයේ බැදීමක් ඇතිවුනා. ආදර බැදිමකුත් ඇතිවුනා නෙහ්..පෝෂියා සහ කොර්සෝ අතරේ. ඉතින් තම මතකයන් සොයමින් තම සතුරන්ගෙන් සහ නීති බලධාරීන්ගෙන් පලා යන රාසා කණ්ඩායම අවසානයේ මහත් පාවාදීමකට ලක්වන්නේ තම යානයේම විශ්වසනීය පුදගලයෙක් අතින්. ප්‍රේක්ෂක ඔබට කුතුහලයක් තබමින් පළමු කතාමාලාව අවසන් වුනේ රාසා කණ්ඩායම විශ්ව අධිකාරියට හසුවෙමින්.
දෙවන කතාමාලාව
දෙවැනි කතාමාලාව ආරම්භ වන්නේ සැවොම සිරගත කරමින්. එහෙත් ඒ වැඩි කාලෙකට නෙවේ. ඉක්මනින්ම කණ්ඩායම හිරෙන් පැනගන්නවා. ඔවුන්ව අල්ලාදුන් පුද්ගලයා කවුද ඒ ඇයි කියන එකටත් පිළිතුරු ලැබුනා නෙහ් අපිට. මෙවර කතාමාලාව ආරම්භයේ කොර්සෝ ලෙස සිටි ඩෙරික් මෝස්ව සැබෑ කොර්සෝගේ අතින් ඝාතනය වුනා දකින්න ඇතිනේ. කෙසේ වුවත් කණ්ඩායමට අලුත් සාමාජිකයින් තිදෙනෙක් එක්වුණා. එක් පුද්ගලයකු ආවේ ෆයිව් ළග තියෙන උපකරණයක් සොයාගෙන. කෙසේ වෙතත් කතාමාලාව අවසන් වෙද්දී ඩෙවොන් සහ නික්ස් යන දෙන්නම ජිවිතයෙන් සමුගන්නවා. එමෙන්ම රාසා කණ්ඩායමේ බෙදීමක් ඇතිවෙනවා ෆෝ සිය පැරණි මතකයන් ලබාගෙන සයිරෝන් කිරුළ නතු කරගැනීමත් සමග. ඉතින් සමාගම් අතර විශ්වව්‍යාපී යුද්ධයකට මග පාදමින් තමයි දෙවැනි කතාමාලාව අවසාන වන්නේ.එමෙන්ම යලිත් වරක් ප්‍රේක්ෂක අප හමුවේ කුතුහලයක් ඉතුරු වෙනවා අවසන සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් රාසා කණ්ඩායම දිවි ගලවා ගැනීමට සමත් වුවාද නැතිද යන වග නොපෙන්ව සිටීම නිසා. කෙසේ හෝ මෙම කතා සමයත් අවසාන වන්නේ කණ්ඩායමේ අයෙකුගේ ද්‍රෝහිවීම සමගයි.
එසේනම් ඔන්න මම කතාමාලාව ඉවරයක් කරලා දුන්නා පොරොන්දු වුනා වගේම.හැබැයි මෙවර දකින්න ලැබුන දෙයක් තමා පළමු කතාමාලාව හා එක්වූ පිරිසෙන් අඩක්වත් දෙවැනි කතාමාලාව සමග එකතු නොවීම.ඒ ඇයි කියන එකනම් මට තවමත් ගැටළුවක්. කෙසේ වුවත් එකතු වූ පිරිසෙනුත් අදහස් දක්වමින් මා දිරිමත් කළ අතලොස්සක් පමණ පිරිසට ස්තුතියි. DARK MATTER තෙවන කතාමාලාව 2017 මැදබාගයේ නිකුත් වන බව දැනටම නිවේදනය කර අවසන්.ඉතින් ඒ කාලේ වෙනකොටත් මම අඩවිය හා රැදී සිටියොත් මම උපසිරසි ලබා දෙන්නම්. නැත්නම් වෙන කෙනෙක් එය කරයි.
එහෙනම් ඉතින් අපි ටික දවසකට නිවාඩු යනවා. යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජයම වේවා!.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S02E13.HDTV.x264-FUM
181 downloads
<< Previous Episode All Episodes Next Season>>