කොහොමද ඉතින් කස්ටියට. ගෝතම් තෙවැනි කතා සමයේ පළවෙනි කතාවත් අරගෙන ඔන්න ආවා. දෙවනි කතා මාලාව ඉවර වෙද්දි මං මේක කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට අන්තිමට කරනවා කියලා හිතා ගත්තා. මොකද මේ ටිකේ කරන්න වෙන කෙනෙක්වත් හොයාගන්න අමාරු නිසයි, මේ වගේ සීරියස් එකකට සබ් නොදී ඉන්න එක අපරාධයක් නිසයි. ඉතින් ඔන්න ආයෙම මං ආවා ගෝතම් අරගෙන. හැබැයි ඉතින් මට ජනවාරි වලින් වගේ පස්සෙ මේකට වෙන කෙනෙක්ව හොයාගන්න වෙන හැඩක් තමා තියෙන්නෙ මේක පටන් ගත්තට. බලමු ඒ වෙනකම් එහෙම වුණොත් මං කරනවා. ඉතින් එහෙනම් අද කතාව දිහා පොඩ්ඩක් බලමුකො.
මතකනෙ, දෙවනි කතා මාලාව ඉවර වුණේ ස්ට්‍රේන්ජ්ව පොලීසියට අහුවෙලා අන්තිමට ඉන්ඩියන් හිල් එකේ හිටපු අමනුස්සයෝ ටික ගෝතම් නගරෙට නිදහස් වුණාට පස්සෙනෙ. දැන් ඉතින් ගෝතම් වල අමුතු අමුතු ජාතියේ අමනුස්සයෝ පිරිලා. අපේ ජිම් ගෝඩ්න්ගෙ රාජකාරිය තමා දැන් සල්ලිවලට මේ අමනුස්සයින්ව අල්ලලා ගෝතම් පොලීසියට බාර දෙන එක. මේක ඉතින් වෙන්නෙ ජිම්, ලීව හම්බවෙන්න ගියාට පස්සෙ ලීගෙ ජීවිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ. ඒත් ඉතින් ජිම් තාමත් ලීට ආදරෙයි. බාබරයි ටැබතයි එකතු වෙලා දැන් ක්ලබ් එකක් කරනවා. ටැබතා බුච්ට සපත්තුවක් කවලා. බුච් ඉතින් ඒ දීපු සපත්තුව කාගෙන පෙන්ගුයින් එක්ක වැඩ කරනවා. දන්නවනෙ ඉතින් දැන් පෙන්ගුයින්ට තියෙන ලොකුම අවුල. ඔව් ඔව් මූනි තමා. මූනි ආයෙම ඇවිල්ලා නිසා දැන් පෙන්ගුයින්ට හෙන අවුල. පෙන්ගුයින් ඉඳන් ෆිෂ්ව අල්ලලා දෙන කෙනෙක්ට ඩොලර් මිලියනයක් දෙනවා කියලා ආරංචිය යවනවා. ඒ අතරෙ තව හුඟක් දේවල් වෙනවා. කියනවට වඩා බලන එකම තමා හොඳ. දන්නවනෙ, මේ සීසන් එකේදි අළුත් චරිත හුඟාක් එන්න ඉන්නවා කියලා. කිවුවත් වගේ ඔන්න මෑඩ් හැටර් එනවා කියලා තහවුරු වුණා. ඒ වගේම අළුත් පොයිසන් අයිවි. මෙච්චර කල් අයිවි කියලා කිවුවට පොයිසන් කෑල්ල කියවුනේ නෑනෙ(මට මතක විදිහට. දැන් මුල් සීසන් මතකත් නෑ අප්පා. ආයෙම බලන්න ඕනා). අද තමා මං හිතන්නෙ අයිවිව නිළ වශයෙන්ම පොයිසන් අයිවි වෙන්නෙ. අපද්‍රව්‍ය බෙදාහරින නලයක් ඇතුළට අයිවිව වැටෙනවා බලාගන්න පුළුවන්. ඒ තමා ඉතින් පොයිසන් අයිවිගේ ආරම්භය වෙන්න ඕනා(මං හිතන්නෙ). බලමුකො ඉතින් ඉස්සරහට. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.
බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
ප.ලි. : බයිස්කෝප් ඉතිහාසයේ පළවෙනි වතාවට පත් වෙච්ච කාන්තා ඇඩ්මින්වරියට සුභ පතන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඇඩ්මින් වැඩේ සාර්ථකව කරන්න ශක්තිය එහෙම හම්බෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E01.720p.HDTV.2CH.x265.HEVC-PSA
Gotham.S03E01.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E01.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
826 downloads
<< Previous Season All Episodes Next Episode>>