Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tamilselvanum Thaniyar Anjalum (2016) with Sinhala subtitles |නූපන් ජීවිත රකින ලිපිය රැකීම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Tamilselvanum Thaniyar Anjalum (2016)

“සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්. සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් බැරි වුනත් සැත්කමක් කරලා සුව කරන්න පුළුවන්. ඒත් ඔය අතරෙ තවත් ලෙඩ රෝග තියෙනවා කිසිම විදිහකින් සුව කරන්න බැරි. ඒ වගේ ලෙඩ සුව කරන්න ක්‍රමයක් හොයා ගත්තොත්, එහෙම ලෙඩ තියෙන රෝගීන්ට කොච්චර නම් දෙයක්ද. හැබැයි ඒකෙන් තවත් කෙනෙකුගෙ බලාපොරොත්තු, සතුට, ආශාවන්, තවත් කෙනෙකුගෙ නව ජීවිතයක් නැතිවෙනව නම් ඒ ක්‍රමයෙන් වැඩක් තියෙනවද?” ඔයාලම හිතලා බලන්න…

කස්ටියම සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් දමිළ රසිකයින්ට තවත් දමිළ චිත්‍රපටියක් තමයි මේ දෙන්න ලකලෑස්ති වෙන්නෙ. මේක බාරගෙන ඇත්තටම ටික දවසක් වෙනවා. ඒත් ඉතින් වැඩේට ටිකක් පරක්කු උනා. හරි චිත්‍රපටියෙ විස්තර ටිකක් කියලම කතාව ගැන කියන්නම්කො, මේක මේ වසරෙ නිකුත් වෙච්ච දමිළ සිත්තමක්. IMDb දර්ශකයේ 5.5/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම සිනමා පටය අයත් වෙන්නෙ ඇක්ෂන්, රොමැන්ස්, කොමඩි කියන වර්ගවලට. Jai, Yami Gautam, Santhanam, වගේ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කතාව ගැන කියන්නම්,

සාමාන්‍යයෙන් ගොඩක් චිත්‍රපටිවල කොල්ලා, කෙල්ල පස්සෙ ගිහින් සෙට් කරගෙන පස්සෙ පවුල් වලින් හරි කෙල්ල පස්සෙ ආව වෙන කොල්ලෙක් හින්දා හරිනෙ කතාව ඉස්සරහට ගලාගෙන යන්නෙ. ඒත් මේක එහෙම නැ. දෙන්නම කම මොහොතෙම ආදරය කරන්න ගන්නවා. හැබැයි ඒක එකිනෙකා දන්නෙ නැ. කොල්ලා පස්සෙනුත් යනවා. හැබැයි මේ ආදරය නිසා නෙවෙයි කතාව ගලාගෙන යන්නෙ. තමිල්සෙක්වන් තමයි ප්‍රධාන චරිතෙ, ඒ කියන්නෙ අපේ ආදරවන්තයා. මෙයා රැකියාවිරහිත තරුණයෙක්, ඉන්නෙ අක්කයි, මස්සිනයි ලග. යාළුවා තමයි නාසා. ඉතින් මෙයාට කිසිම රැකියාවක් හොයාගන්න බැරි තැන නාසා වැඩ කරන තැපැල් කාර්යාලයෙන් මෙයාට රස්සාවක් අරන් දෙනවා. ඇත්තටම මෙයා රස්සාව අකමැත්තෙන් හරි ගන්නෙ ඒ මාර්ගයෙන් හැමදාම කාව්‍යා, නැත්නම් ආදරවන්තියව බලන්න ක්‍රමයක් ලැබෙන නිසයි.

ඔය අතරෙ ලොකු දොස්තර කෙනෙක් ඉන්දියාවට එනවා ලොකු සොයා ගැනිමකුත් එක්ක. ඒක මම මුලින්ම කියපු දේට සම්බන්ධයි. මෙයා ඇවිත් රෝහලේ වෛද්‍යවරු එක්ක රැස්වීමක් තියෙනවා. ඒකෙ කතාවෙන දේවල් එයාලට හොද වුනාට ගැබිනි කාන්තාවන්ට එච්චර ඔද නැ. කොහොමහරි රෝහලේ සේවකයෙක් මේ කතාව අහන් ඉන්නවා. එතැන් පටන් ඔයාලට බාරයි..හින්දි කොමඩියකින් හමුවෙමු.

ජය වේවා!

Tamilselvanum Thaniyar Anjalum (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tamilselvanum Thaniyar Anjalum (2016) Tamil 1CD HDRip x264 AC3 5.1 – ZippyMovieZ

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>