ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හය වන උපසිරසි නිර්මාණය අරගෙන ආව. Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන චිත්‍රපටයක් වෙන මෙය IMDb අගය 6.6 ක් අරන් තියනවා. ඩොලර් මිලියන දහසයක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය ඩොලර් මිලියන අසු හතක ආදායමක් ලබාගෙන තියනවා.
ඔයාලට දෙවන කොටසේ දකින්න ලැබෙන්න ඇති ස්පොර්ක් මිය යනවා. ඒත් සැබෑවටම ඔහු මිය ගිහින් නැ. ඒ වගේම නැවත පෘතුවියට පැමිණි එන්ටර්ප්‍රයිස් යානාව සේවයෙන් ඉවත් කරන්න ස්ටාර්ෆ්ලිට් නිලධාරින් උත්සාහ ගන්නා අතර එහි වැඩකරන පිරිස පවා වෙනත් අංශයන්ට මාරු කරනවා. මේ ඔක්කොම ප්‍රශ්න අතරේ තමන්ගේ යහළුවා වන ස්පොර්ක් සොයාගෙන ජෙන්සිස් ග්‍රහ ලෝකයට යන ගමන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඒ අතරේම කිලින්ගොන් වරු යානාවට පහර දෙන්න උත්සාහ ගැනීමත් ඇතුලත්. සරලවම කියනවා නම් කම්මැලි කමින් තොරව මේ චිත්‍රපටය නරබන්න පුළුවන්.
Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම හතරවන කොටස. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.III.The.Search.For.Spock.1984.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
31 downloads