Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mike and Dave Need Wedding Dates (2016) with Sinhala Subtitles |මදැයි කෙල්ලෝ හොයාගත්තා! (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Mike and Dave Need Wedding Dates (2016)

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය තමයි සුපිරිම කොමඩි නළුවෙක් වෙන Zac Efron(දන්නෝ දනිති), Adam Devine(මෙයා ගැන දැනගත්තේ මේකෙන් තමා..හම්මේ මාර පොරක්…:-) Anna Kendrick, Aubrey Plaza. මේ අය තමයි ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. ඒවගේම තමයි මේක Romance, Adventure යන කාණ්ඩ වලටත් අයිතිවෙනවා. පොදුවේ කොමඩියක් විදියට හදුන්වන්න පුළුවන්.

කතාව මෙහෙමයි, මයික් (Adam)සහ ඩේව් (Zack)කියන්නේ අයියා මලෝ දෙන්නා.මේ දෙන්නම ටිකක් පිස්සු ඩයල් දෙකක්. යන යන තැන මොකක්හරි විකාරයක් කරනවා. පවුලේ සාද හැම එකකදීම ඒවා අවුල්කරලා දානවා.ඉතින් මේ දෙන්නගේ නංගි දැන් තව ටික දවසකින් විවාහ වෙන්නයි ඉන්නේ. ඉතින් මෙයාලගේ තාත්තා හිතනවා මේ දෙන්නා ඇවිත් ඒකත් අවුල්කරලා දායි කියලා. ඒ නිසා තාත්තා මෙයාලට කියනවා විවාහයට එද්දී කෙල්ලෝ දෙන්නෙක්ව හොයාගෙන එන්න කියලා. 🙂 . මොකද එතකොට දෙන්නා ටිකක් සංසුන්ව ඉදියි කියලා හිතලා. ඉතින් ඊටපස්සේ මේ දෙන්නා කෙල්ලෝ දෙන්නෙක්ව හොයලා අන්තර්ජාලයට දැන්වීමක් දානවා.. 🙂 කොහොමහරි ඒකට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා වගේම ඔවුන්ට රූපවාහිනී වැඩසටහනකටත් ආරාධනා ලැබෙනවා. හැබැයි මේගොල්ලෝ හොයන්නේ හොද කෙල්ලන්ව. 🙂 ඉතින් මේ වැඩසටහන දකිනවා ටටියානා (Aubrey)සහ ඇලිස් (Anna) කියන දෙන්නා. මෙයාලව නම් “හොද” කියන එක ලගින්වත් තියන්න බෑ. කොහොමහරි මේ වැඩෙන් හවායි වලට නොමිලේ සවාරියක් ලැබෙන නිසා මේ දෙන්නා හොද සැලසුමක් එහෙම හදාගෙන මයික්ටයි ඩේව්ටයි ලංවෙනවා. ඉතින් කොල්ලො දෙන්නත් හොදට ගුලිය කනවා. 🙂 . ඉතින් මුලදී මේ කෙල්ලෝ දෙන්නා හරි විනීතව, වැදගත්ව ඉන්නවා. පහු පහු වෙද්දී තමයි මයික්ටයි ඩේව්ටයි මේ කෙල්ලෝ දෙන්නගේ ඇත්ත තත්වය තේරෙන්නේ. එහෙනම් මෙතනින් එහාට කතාව නරඹලාම දැනගන්න. බලලා හොදට හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක්.

ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේ චිත්‍රපටියේත් br කොපියක් එයිද කියලා ටික දවසක් බලන් ඉදලා තවම ආවේ නැති නිසා තමා web-dl එකට උපසිරැසිය ලබාදුන්නේ. එහෙම කලේ මොකද br එකේ web එකට වඩා කොටස් ඇතුලත් වෙන්න පුළුවන් නිසා. මොකද මං කලින් කරපු Central Intelligence එකේ එහෙම වෙලා තිබුනා. ඉතින් එහෙම උනාම සබ් එක නිකන්ම සින්ක් කරන්න බෑ. ආපහු මුල ඉදන් කොපි පේස්ට් කර කර අළුත් ලයින් ආපහු ටයිප් කරන්න ඕනේ. ඒ නිසා තමා ඒකේ brඋපසිරැසිය දෙන්න ප්‍රමාද වුනේ. මේ ලිපිය ලියද්දී සමහරවිට ඒක දීලා වෙන්නත් පුළුවන්, තවමත් දෙන්න බැරිවුනා වෙන්නත් පුළුවන්. කොහොමවුනත්, ඒක ඉක්මනින්ම ලබාදෙන්න බලන්නම්. ඒක යාවත්කාලීන කරන්න උදව් කරන “රවිදු රුක්ෂාන්” සහෝටත් මේ අවස්තාවේ ස්තූතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකෙත් සමහරවිට br එකේ අමතර ලයින් එකතුවෙන්න පුළුවන්. ඉතින් එහෙමවුනොත් උපසිරැසිය යාවත්කාලීන කරන්න වෙන ඒවාට වඩා පොඩි කාලයක් යාවි. ඉතින් ඒ ගැන ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. වරදවා වටහාගන්න එපා web-dl කොපිය ඉතා හොද මට්ටමේ කොපියක්. ඒ නිසා බය නැතුව අරගෙන බලන්න. ආ….. මේක 18ට අඩු අය එහෙම බලන්න එපා ඈ!!! 🙂  ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

Mike and Dave Need Wedding Dates (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mike.and.Dave.Need.Wedding.Dates.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>