සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ.
දැන් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ ෆිල්ම් එක තායිලන්ත එකක්. මේක English, Japanese, Thai කියන භාෂා තුනම තියනවා. නිරායුද සටන් කලාවන් යොදාගෙන කරලා තියෙන්න. Prachya Pinkaew තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අපි කා අතරත් ජනප්‍රිය Ong bak, White Elephant ෆිල්ම්ස් වල අධ්‍යක්ෂවරයා ඔහුයි. මේ සදහා ඩොලර් මිලියන 4.8 ක් වියදම් කරලා තියනවා.
fමෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ JeeJa Yanin කියන ප්‍රසිද්ධ නිලිය. එයා මේ ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධියට පත් උන කෙනෙක්. එයාගේ සටන් ජවනිකා වලින් රස ගැන්වුනු මේ ෆිල්ම් එක ආදරය ගැනයි කියවෙන්නේ. එයා මන්ද මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක්. නමින් Zen. එය කුඩා කාලයේදී අම්මත් එක්ක පදිංචියට ආව තැන විශේෂයි. කෙටියෙන් කිවහොත් හමුදාවේ අය පුරුදු වෙන තැනක්. එතන පුරුදු වෙන දේවල් එයා ජනේලය ලගට වෙලා බලා ඉදලා එයත් ඒවා පුරුදු, පුහුණු වෙනවා. ඇය හොද සටනකරුවෙක් වෙනවා. කාලයත් සමඟ එයාගේ අම්මට පිලිකාවක් හැදෙනවා. එයයි නෑදෑ සහෝදරයයි එකතු වෙලා අම්මගේ ණයකාරයන් හොයා ගෙන ගිහින් මුදල් එකතු කරගන්නවා අම්මට බෙහෙත් කරන්න. ඒවට සටන් කරන්නත් වෙනවා එයාට. ලස්සනයි කතාව. ඉතුරු ටික බලන්නකෝ. මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා. හැමෝම බලන්න. මගේ ඊළග උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Chocolate.2008.DVDRip.XviD-KMP
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
141 downloads