ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම් මේ ගැන හොදටම දන්නවා ඇති. තව Son of batman එකෙත් මේ ගැන තියෙනවා. කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි.
වේන් කර්මාන්තය නව නිපයුමක් සිදුකරනවා ලෝක බලශක්ති අර්බුදයට විසදුම් ලබාදෙන්න. ඒ අයන් කෝර්ටැක්ස්(අයන බාහිකය) කියන උපකරණයෙන්. මේකේ අන්තර්ගවෙලා තියෙනවා විශාල බලශක්තියක්. මේක නිෂ්පාදනය කරලා වේන් කර්මාන්තයේ වැඩකරන ආචාර්ය බර් කියන විද්‍යාඥයා. League of Assassins එක එන්නේ මේ බර්ව අල්ලගෙන යන්න. මුලින්ම මේ අයන් කෝර්ටැක්ස් එක හදුන්වාදීමේ උත්සවේට මෙයාලා කඩාපනිනවා. ඒත් ඒක සාර්ථකව කරගන්න ලැබෙන්නේ නෑ. පස්සේ ආචාර්ය බර්ට ආරක්ෂාව දෙන්න වේන් බංගලාවට ගෙනියනවා. ඒත් මේ කල්ලිය එතනටත් එනවා. එතනදී මොනාද වෙන්නේ? බැට්මෑන්ට බර්ව ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද? තව එකක්, මේකෙදී මිස් යමෂිරෝ ගැන විශේෂ දේකුත් හෙළිවෙනවා. තව මේ සටනට ඇයත් බැට්මෑන්ට උදව්කරනවා. එහෙනම් 5වෙනි එපියෙන් මුණගැහෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E04.Safe.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
14 downloads