Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Star Trek Beyond (2016) with Sinhala Subtitles |සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

$
0
0

Star Trek Beyond (2016)
1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස යෝක් ටවුන් වෙත ලගා විමෙන්. ඩරේෂනයේ අතිත හා සම්බන්ධ සිදුවිම් පෙලක් සමගකතාව දිගහැරෙනවා. මේ යුගය වනවිට මිනිසා අනෙකුත් චක්‍රාවට තරනයටත් අලුත් ජිවි විශේෂ සමග සම්බන්ධතා ගොඩනගාගන්නත්,සරලවම කිව්වොත් එකම සමාජයක් ලෙස ජිවත් වෙනතරම් තාක්ෂණික හා ආකල්පමය වශයෙන් දියුනු යුගයක්. මෙහි පෙන්වන ඇතැම් තාක්ෂනයන් මේවෙනකොට සත්‍යක් වෙලා තියෙනවා. සමහර ඒවා ඉදිරියෙදි සත්‍ය වේවි (warp Drive). කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නෑ අරගෙන බලන්න කෝ. විශේෂයෙන් මේ සලරුව ලබාදුන්න හසන්ත අයියව මතක්කරන්න ඔනේ. මම ඉතිං ටිකක් කම්මැලි නිසා ලොකු කාලයක් (සතියක්) ඉල්ලනවා එක සබ් එකක් කරන්න. කොහොම කොහොම හරි වැඩේට බැහැලා දවස් 3න් වැඩේ ඉවරකලා. මේ කතාවේ කලිං චිත්‍ර‍පටි නරඹලා නැතිවුනත් (පුළුවන්නම් කතා ටික සේරම බලන්න) රසයේ කිසිම අඩුවක් නැතිව පැය 2කුත් මිනිත්තු 2 ක් විශ්ව චාරිකාවක යන්න ඔයාටත් පුළුවන්.

50-Kalidu-Wish

මේ සලරුවේ තවත් අතකින් මට විශේෂයි. මේ මගේ පනස් (50) වැනි උපසිරස නිර්මානයයි. 2014 ජනවාරි මාසයේ Sherlock කතා මාලාවේ තුන්වැනි කොටසට උපසිරස ලබාදිමෙන් ආරම්භ උනු මගේ උපසිරසකරණය The X Files (1998), Transporter: Extreme (2005) සහ My Sister’s Keeper (2009) (මම නිර්මානය කල හොදම උපසිරසක් ලෙස මම හිතන) ලෙස සලරූ 3 කුත් 24 , Z Nation (යුෂාන් අයියගෙන් හොරකං කල කතාව☺) සහ The Man in the High Castle රූපවාහිනි කතාමාලා 3 කින් සමන්විත වෙලා තියෙනවා.

ඉතිං රොයිලි අයියා වරක් පැවසුවක් මෙන් මේක නම් ඇත්තටම කොටි වලිගයක්ම තමයි. හැබැයි අතහරින්න හිතෙන්නැත්තේ උපසිරස කරන්න තියෙන ආසාව නිසාමයි. ඉතිං මේ වැඩේට ගොඩක් දෙනෙකුගේ සහයෝගය ලැබුනා, අම්මයි තාත්තවයි ඒ ලයිස්තුවේ මුලටම දාන්න ඔනේ මොකද “ඕවා කරයි කියලා සල්ල හම්බවෙනවාද ?” කියලා බැන බැන සබ්කරන්න ඉඩ ලබා දුන්නට (මට ඉතිං වෙන කරදර කරන්න කවුරුත් නෑනේ😁). ඒ වගේම හසන්ත අයියා සහ රොයිලි අයියා අතුලු බයිකෝප් සිංහලෙන් අඩවියේ සියළුම ඇඩිමින්වරන්/වරියන්ව බොහෝම ආදරයෙන් මේ වෙලාව මතක් කරන්න ඔනේ.නම් නොකිව්වේ ගොඩක් කට්ටිය ඉන්න නිසා හොදේ. ඇත්තෙන්ම ඔවුන් මේ කරන කාර්ය ලොකු වගකිමක් සහ කැපකිරිමක් සහිත දෙයක්. ඔන තරම් මේ වගේ සමුහයන් බිහි වේවි නමුත් මෙතරම් විදිමත් හා අඛන්ඩව පවත්වාගෙන එන සමුහයක් නම් නැතිවේවි. ඒ වගේම සබ් එක බැලුවත් නැතත් නොවරදවාම ඇවිත් කොමෙන්ටුවක් දාලා යන කමෙන්ට් කල්ලියටත් බෙහෙවින්ම ස්තුතියි. මොකද ඔයාලගේ එක කෙමෙන්ට් එකක් කියන්නේ උපසිරසකරුවෙකුට ලොකු ධෛර්යක්. අවසානයට වැදගත්ම කට්ටිය දයබර ප්‍රේක්ෂක ඔබ. මේ ස්තුතියෙන් ලොකු පංගුවක්ම අයිති ඔබටයි. ඔයාලා නිසයි උපසිරසකරුවන් උපසිරස කරන්නේ. මේ අඩවිය පවතින්නෙත්.ඉතිං ඔයත් කැමතිනම් මේ වැඩේට එකතු වෙලා බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් වෙන්න, තවත් හිතන්න එපා මේක තමයි එකට වෙලාව. එහෙනම් තවත් උපසිරසකින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා ! ! !

Star Trek Beyond (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.Beyond.2016.HDRip.XviD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>