ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවුරුද්දේ ආපු Conjurian කියන කොමඩියට වඩා 1000 න් සම්පතයි මේක. වටින කුතුහලයෙන් පිරුණ කතාවක් මේක. මුලින්ම මම වැඩේ බාරගත්තට හැමදාම වගේ වැඩෙන් පැනල යද්දි මේ කතාව බලල වහ වැටුණු යසිරු මලයා සබ් එක කරන්න එකතු වුනා. ඊට පස්සේ මගේ වැඩ හොඳ වැඩි කමට මේ වැඩේට එකතු වුනේ ප්‍රණීත්. ඉතින් මේ පළවෙනි සබ් එකෙත් 1/3 ක් විතර කරලා තියෙන්නේ ප්‍රණීත්. මෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් වෙයි සැකයක් නැතුව. මොකද මම මේ 1 වෙනි එකට විතරයි සම්බන්ධ වෙන්නේ.
නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. දිගටම අමුතු සිදුවීම් එක්ක රැඳී ඉන්න. අනෙක් පරිච්ඡේදයෙන් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා!!
“සමහර වෙලාවට මිනිස්සු ඇත්තටම හිතන දේ කියන්නේ නෑ, නමුත් ඔබ ඒ මොහොත නිවැරදිව හසුකරගත්තොත්,
වචනයෙන් පවසනවාට වඩා දෙයක් එමගින් කියැවෙනව”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
394 downloads