ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන චිත්‍රපටය ප්‍රේක්ශකයන් අතර ආකර්ශනයක් ඇදගන්න සමත් වෙලා තියන එක හේතුවක් විදිහට, රගපාන නළුවන් නිළියන් සළකන්න පුලුවන්.
* Akshay Kumar
* Nargis Fakhri
* John Abraham
* Jacqueline Fernandez
* Varun Dhawan
* Parineeti Chopra
* Akshaye Khanna
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් ධවාන්. මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා. ඇයි පරක්කු උනේ කියන එකට කියන්න වෙන්නේ බලන්න පුලුවන් මට්ටමේ එකක් සහ හොද ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ඉන්න සිද්ධ උන එක. ආපු විගසම ආසිරි ගේ ඉල්ලීම මත දවස් හතරකින් වගේ තමයි මේ ඔයාලට ගෙනාවේ. IMDB අගය 5.4ක් අරගන්න සමත් වෙලා තියනවා. හිංදි චිත්‍රපට වලට හොද අගයක් කියලා කියන්න පුලුවන්.
දැන් පොඩ්ඩක් කතාව පැත්තට ගිහිල්ලා එමු. මොනාද මේකෙ වෙන්නේ කියලා. විරාජ් ශර්මා : ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහලම ජනප්‍රියතාවයකින් සහ සුපිරි හැකියාවකින් යුතු ක්‍රීඩකයෙක්. අවසන් වටයට ඔන්න මෙන්න තියලා මේ ක්‍රීඩකයා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගන්නවා. කතාව තියෙන්නේ ඒ සම්බන්ධව. මේ සිද්ධිය සිද්ද වෙන්නේ පකිස්ථානයෙදී. නැතිවෙලා තියෙන්නෙ ඉන්දීය ක්‍රීඩකයෙක් නිසා ඉන්දියානු රජය මොහු සොයාගැනීම කඩිනම් කරනවා. මොකද මාධ්‍යයට ගියොත් ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් නිසා. ඉන්දියානු රජයත් හොරරහසේම දක්ශ විශේශ කාර්‍ය බලකා සෙබලෙක් එවනවා. ඔහු නමින් කබීර්. මෙයා තරමක් තද පුද්ගලයෙක්. කොයිවෙලේත් ඔරවගෙනලු ඉන්නේ. එයාට වැඩකරන්න හම්බෙන හවුල්කරයා තමයි ජුනයිඩ්. එයා අලුතින් පත්වුන කෙනෙක්. සෙල්ලක්කාරයෙක් .මෙයාල දෙන්නා තමයි නැතිඋන ක්‍රිකට් ක්‍රීඩකයා හොයන්න එකතුවෙන්නේ.
දැනගන්න ඕනිටික කිව්වා. හොද කොපියක් ඇවිල්ලයි තියෙන්නේ. කිසි අඩුපාඩුවක් නැතුව රසවිදින්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් සුපුරුදු පරිදි චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධානා කරන ගමන් මම සමුගන්නවා.
පොඩියට ඇවිල්ලා විශාල ලෙස ලොව පුරා ප්‍රේක්ශකයන් අතර ප්‍රචලිත වී මෙතෙක් පැමිණි කතාමාලා වලින් ජනප්‍රියම කතාව විදිහට IMDB ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් හිමිකරගමින් නිකුත් වුණ STRANGER THINGS කතාමාලාව නැරඹීමට මේත් එක්කම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා .
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Dishoom.2016.Hindi.720p.HDRiP.x265.ShAaNiG
Dishoom (2016) – WebRip – X264 – MSubs – 1CD [Team Jaffa]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
2528 downloads