Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Westworld [S01: E04] with Sinhala Subtitles |ගැටුම් න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍ර‍ධානියා වන බර්නාඩ් ලෝව් විසින්  ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන් ඉවත්ව හැසිරෙන්නේ උද්‍යානය නිර්මානයට දායක වුනු ආර්නොල්ඩ්ගේ පරික්ෂනයකින් ඉතුරු උන කේත පද්දතයක් නිසා කියලයි ආචාර්ය ෆෝඩ් බර්නාඩ්ට කියනවා. අර්නොල් නිර්මානය කරන්න උත්සහ කරලා තියෙන්නේ කෘතිම මිනිස් විඥානයක්. නමුත් ඒක එකතරා මට්ටමකදි බිදවැටෙනවා. ඒ වගේම ඒ නිසා රෝබෝවරුන්ගේ ක්‍රියාකාරිත්වය විකෘති වෙනවා. ආර්නොඩ් කියන්නේ උද්‍යානයේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් කෙනෙක්. ඔහුගේ මේ පරික්ෂනය නිසා රොබෝවරුන්ට තමගේම හඩින් තමන්ගේ ආත්මය කතාකරනවා වගේ ඇහෙනවා. නමුත් මේකට ආචාර්ය  ෆෝඩ් විරුද්ධවෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සුන්ටත් පිස්සු හැදුනම එහෙම හඩවල් ඇහෙන නිසා. ඔහුගේ මතය වෙන්නේ මේ වගේ විනෝද උද්‍යානයක සංචාරකයන්ගේ විනෝදය සදහා ඉන්න රෝබෝවරුන්ට තනිව සිතන්න ඉඩ ලබා  නොදිය යුතුයි කියලා. ඒ වගේම ඔහු බර්නාඩ්ට අවවාද කරනවා ආර්නොල්ඩ් කරපු වැරැද්ද නැවතත් කරන්න එපා කියලා. නමුත් බර්නාඩ් ඒ වැරැද්ද දැනටමත් කරලා ඉවරයි. ඩොලරස් ඇබනත් දැනටමත් තනිවම සිතන්න පටන් අරගෙන. ඇයට දැන් පද්දතියේ සිමාවන් ඉක්මවලා අයුධ පවා භාවිතකරන්න පුළුවන් හැකියාවක් ලැබුනා. එවගේම අපිට දකින්න ලැබුනා වෙට්ගේ සහචරයන්ට ටෙඩි වෙඩිතිබ්බත් ඔවුන්ට මුකුත් උනේ නෑ. සමහරවිට ඔවුන් අමුත්තන් පිරිසක් වෙන්න පුළුවන් නැතිනම් වෙනස්ම රොබෝවරු පිරිසක් වෙන්නත් පුළුවන්. කුමක් උනත් ෆෝඩ්ගේ මේ අලුත් කතාවෙන් උද්‍යානයේ පැවැත්මට ලොකුවෙනසක් වෙන්න ඉඩ තියෙනවා. පසුගිය කොටසෙදි අයාලේ ගිය කෙනා එහෙම යන්න හේතුව නම් පැහැදිලි වුනේ නෑ. අයාලේ යෑම උද්‍යාන පාලකයන්ට නම්  සමාන්‍ය දෙයක්. නමුත් පසුගිය කොටසේ සිදුවුනු දේනම් ගොඩක් අසාමාන්‍යයයි. මේ වෙන කොට රෝබෝවරු කිහිපදෙනෙක්ම ලබාදෙන අණට ක්‍රියා නොකරන බව දකින්න ලැබුනා.

 Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E04.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>