Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supergirl [S02 : E03] with Sinhala Subtitles |පිටසක්වල පනත [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Supergirl TV S2-1

කොහොමද ඉතින් කට්ටියට. චාමර කලින් සතියේ කිව්වත් වගේ අද ඉදන් කතාව ගේන්නේ අලුත් කෙනෙක්. මුලින්ම සමන් මගෙන් මේක කරන්න පුලුවන්ද ඇහුවම මම බැහැයි කිව්වා. පස්සේ ආයේ චාමරත් අහද්දී කතාවත් DC වෙච්චි කොට DC රසිකයෙකුත් වෙච්චි ඒකෙ බැහැයි කියන්න හිත දුන්නෙම නැහැ කියමුකෝ ඉතින්. අනික මේ පාර කලින්ට වඩා සුපිරි කෙලී ටිකක් හොදයිත් එක්කනේ. ඉතින් කට්ටිය මාවනම් දන්නෙත් නැතුව ඇති. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ සුපර්මෑන් ආපහු තමන්ගේ නගරෙට යන්න ගියා වගේම කැට් ග්‍රාන්ට් එහෙමත් නිවාඩු ගියානේ. ඉතින් අපි දන්නේ නැහැ මේ අයව ආයේ කවදා දකින්න ලැබෙයිද කියලා. ඒවගේම කාරාට උසස්වීමක් ලැබිලා වැඩ කරන්න ලැබුනේනම් එපාම කරපු බොස් කෙනෙක් යටතේ නොවෑ. එතකොට කැට් ග්‍රාන්ට්ගේ තනතුරට ඔල්සන් පත්වුනා. අහ්හ් මතක ඇතිනේ අන්තිමට අර පිටසක්වල හාදයා ඇහැරිලා සුපර්ගර්ල්ගේ බෙල්ලෙන් අල්ලනවා. අපි බලමු එතන ඉදන් අද මොකද වෙන්නේ කියලා.

ක්‍රිප්ටෝන් යානයෙන් ආව අලුත් හාදයා සුපර්ගර්ල්ටත් ගහලා DEO එකෙන් පැනලා යනවා. මෙයා මේ පැනලා යන්නේ ජනාධිපති පිටසක්වල පනතක් අත්සන් කරන්න නැෂනල් සිටිවලට එන මොහොතෙමයි. ඉතින් කොහොමහරි ජනාධිපති පැමිණෙනවාත් සමග එතනට ප්‍රහාරයක් එල්ලවෙනවා. DEO සහ සුපර්ගර්ල් ඒකට අලුත් ක්‍රිප්ටෝන් වැසියව සැක කරලා අල්ලන් එනවා. හැබැයි මේකා ක්‍රිප්ටෝන් වැසියෙක්මත් නෙවේ. ක්‍රිප්ටෝන්හි සහෝදර ලෝකයක් වන ඩැක්සම් කියලා ලෝකෙකින් තමා ඇවිත් තියෙන්නේ. ඉතින් සුපර්ගර්ල් ඒ ලෝකේ උදවිය එක්ක ඉන්නේ තරහින් වගේ.

ඒවගේම කාරා අද තමන්ගේ වාර්තාකරණ ජිවිතයේ පළවැනි සම්මුඛ සාකච්ඡාව පවත්වනවා. ඒකත් ලීනා ලුතර් එක්ක. ලීනා පිටසක්වලයෝ  හොයාගන්න අලුත්ම ගැජට් එකකුත් හදලා තියෙන්නේ. හප්පේ. කියවුනා වැඩියි වගේ. හරි කමක් නැහැ. එහෙමනම් කට්ටියම බාගෙන බලලා අදහස් දක්වාගෙන යන්නකකෝ. ලබන සතියේ ඉක්මනට දෙන්න බලන්නම්. ඊයේ ඉංග්‍රීසි උපසිරසි ආවෙත් හයෙන් පස්සේ . ඒකයි පොඩ්ඩක් පමාවුනේ.එහෙමනම් ඉක්මනටම QUANTICO උපසිරසියෙන් හමුවෙමු.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E03.HDTV.x264-LOL

Supergirl.S02E03.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>