කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම දන්නවනේ බාර්බී ගැන. පොඩි ළමයි ගොඩාක් මෙයාට කැමති. දැන් හැරෙමු මේ කතාව දිහාවට.
මේ කතාවේ යන්නේ බාර්බී තමන්ගේ ලෝකය බේරගන්න කරන වික්‍රමයක් ගැන. බාර්බි මේ කතාවේ hoverboard පදින්නෙක්. තමන්ගේ ලෝකයට ජිවය දෙන තරු වල ආලෝකය අඩු වෙනවා. අනාගත වැකියට අනුව තරු වල ආලෝකය අඩු උනාම බාර්බී ඉන්න ලෝකය අදුරු වෙනවා. මේ රටේ රජතුමා තරු වල එලිය ආරක්ෂා කරන්න සැලසුමක් හදනවා. ඒ සැලසුම තමා අන්තිමට මෙහෙයුමක් වෙන්නේ, බාර්බී වගේම බාර්බිගේ යාළුවො ටික මේ තරු වල ආලෝකය ආරක්ෂා කරන්න යන ගමන තමා මේ කතාවේ තියෙන්නේ, බාර්බිට ඒ ගමනේදී මොකද වෙන්නේ? යාලුවන්ට මොකද වෙන්නේ? පුහුණු තරගයේදී මොකද වෙන්නේ? රජතුමාගේ සැලසුම හරි යනවද? මෙහෙයුමට මොකද වෙන්නේ? මේ දේවල් වලට උත්තර හොයා ගන්න නම් කතාව බලන්න වෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා කතාව බලන්න කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Barbie.Star.Light.Adventure.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
144 downloads