එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය.
එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Philip G. Atwell නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, Crank, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham සහ The Mummy: Tomb of the Dragon Emperor, The Expendables වැනි සුපිරි චිත්‍රපටිවල රඟපාන තවත් සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jet-Li යි. ඊට අමතරව Devon Aoki, Luis Guzmán, Sung Kang සහ Mathew St. Patrick වැනි නළු නිළියනුත් මෙම චිත්‍රපටියෙ රඟපානවා.
නියෝජිත ජෝන් ක්‍රෝෆර්ඩ් (Jason Statham) තමුන්ගේ සහායකයා මරල දාපු රෝග් (Jet-Li) නම් කුලී මිනීමරුවව හොයන්න උත්සාහ කරනවා. ඒත් අවසානෙදි ජෝන්ට රෝග් හමු වුනාට පස්සෙ කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මං කථාව කිව්වෙ කෙටියෙන් මොකද වැඩිය කිව්වොත් කුතුහලයක් නෑනෙ. ඉතිං චිත්‍රපටිය නරඹන අවස්ථාව ඔයාලට දීලා මං යනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
රන්දික පෙරේරා සොයුරා ලියන ලද ලිපිය.
මේ චිත්‍රපටිය ගැන මම පළමුවෙන්ම කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන මේ චිත්‍රපටිය මම බයිස්කෝප් අඩ්වියට එවන්න ඉස්සර වෙලා සෑහෙන්න අර්බුධයකට මුහුණ දීලා තමයි අවසානයේ මේ චිත්‍රපටිය එවන්න පුළුවන් උනේ කියන එක. මේ චිත්‍රපටිය මම මීට සෑහෙන්න කාලයකට පෙර එවන්න හිටියත් මට එවන්න බැරි වුනා යම් යම් ප්‍රශ්ණ නිසා. මොනවා උනත් අවසානයේ මේකත් එවන්න පුළුවන් උන එක ගැන මම සතුටට පත්වෙනවා.
මේ චිත්‍රපටියේ ප්‍රධාන රංඟනයන් අතිවිශිෂ්ඨ නළුවන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කරන අතර ඔවුන් නම කීව සැනින් අදුනන ජෙට් ලී ( Jet Li ) හා ජේසන් ස්ටෙතම් ( Jason Statham ) වෙයි. මම කථාව ගැන හැදීන්වීමක් කරන්න අකමැති වුනත් කථාවේ තේමාවේ ආරම්භය මේ විදියට කියන්නම්, ඉතා දක්ෂ FBI පොලිස් නිළඳාරීන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් ඉතා අමානුෂික අන්දමින් මුළු පවුල පිටින්ම මරාදැමීම පාතාලයේ ඉතා දක්ෂම අපරාධකාරු වන Rogue විසින් කරණු ලබනවා. මේ මිණිමැරුම සිදුවන්නේ ජැක්ගේ ( ජේසන් ) ළඟම සඟයා වන නිසා සෑහෙන්න සිත් තැවුලකට පත්වෙන ජැක්ට අවුරුදු 3කට පසු නැවතත් තම සඟයාගේ මිණිමරුවා ගැන දැන ගන්නට ලැබෙනවා. ඔහු මේ මිණිමරුවා අල්ලන්න ගන්න වෙහෙස මහන්සිය හා අනිතිමට මේ වැය කරපු වෙහෙසට මහන්සියට සරිලන සතුටක් අන්තිමේදී මොහු සතුවෙනවාද බලන්න නම් බාගන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
War.2007.720P.BRRipx264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1009 downloads