Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E08] with Sinhala Subtitles |අවසාන කෝන්තරය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

අදත් ඔන්න ගිය සතියේ පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතා මාලාවේ ඊලඟ කොටසත් අරගෙන තමයි මේ ඔයාලා හමුවට එන්නේ. දැන් ඉස්සර වගේ අදහස් දැක්වීමකුත් නැති නිසා වැඩිය ලිපියේ මොනාවත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කට්ටිය එන්නේ සබ් එක අරගෙන යන්නනේ.

පසුගිය සතියේදී කෝල්සන්ට වුනු පොරොන්දුව කඩ කරලා නියෝජිත මේ  ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට ඩාර්ක්හෝල්ඩ් එක දුන්නා කෝල්සන්ව සහ සිමන්ස්ව ආපහු හොයාගන්න පොතෙන් ක්‍රමයක් හොයාගන්න කියලා. ඩොක්ටර් රැඩ්ක්ලිෆ් කවදාවත් ඒ පොත දැකලා නැති වුනත්, ඒ වගේම ඒ පොත මොන වගේ එකක්ද කියලා නොදැනත්, පොත විවෘත කරපු ගමන් දැනගත්තා ඒ පොතේ විද්‍යාවට එහා ගියපු යමක් තිබෙන බව. ඒ නිසා ඒ පොත කියවීම එකහෙලාම ප්‍රතික්ශේප කලා. නමුත් ප්‍රකෘති මානයෙන් එහා සිටින ෆිට්ස් විසින් එයිඩාට මේ පොත කියවන්න යෝජනා කරනවා. ඒ ඇය යන්ත්‍රයක් වුනු නිසා පොත විසින් විකෘති කරන්නට ඇයට මනසක් නැති බැවින්. ඒ වගේම තමයි ඒ පොත විසින් කියවන්නාට හොඳින්ම හසුරුවන්නට පුළුවන් භාෂාව හරහා තමයි තොරතුරු විස්තර ඉදිරිපත් කරන්නේ. එයිඩා බලද්දී නම් අපිට පෙනුනේ ‘0’ සහ ‘1’ ඒවා වුනාට, යන්ත්‍රයක් වුනු එයිඩා ඒඩාට පුළුවන් ඒවා නියමාකාරයෙන් හසුරුවාගන්න. අවසානයේ ඇයගේ උදව්වෙන් ප්‍රකෘති මානයෙන් එහා මානයක ඉඳන් තවත් අඳුරටම ඇදිලා යන්න ඔන්න මෙන්න තිබියදී එයිඩා විසින් හදපු අන්තර් මාන ආරුක්කුව (Inter Dimensional Ark) හරහා කෝල්සන්, ෆිටිස් සහ අවසානයට රොබීටත් ප්‍රකෘති මානයට එන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් කතාව අවසානයේදී පෙන්නපු දර්ශණය අනුව ඊලායි මොරෝව්ගෙන් පසුව එයිඩාත් ශීල්ඩ් වලට ලොකු තර්ජනයක් වීගෙනයි එන්නේ. ඒ පිලිබඳව අද කතාව අවසානයෙන් දැකගන්න පුළුවන් කම ලැබේවි.

අද කතාවේ සිද්ධවෙන දේවල් කතාව බලලාම තමයි දැනගන්න වෙන්නේ. ඔයගොල්ලෝ හැමදාමත් දන්නවා වගේ MCU එකත් එක්ක සමගාමීව තමයි මේ කතාවේ සියලුම දේවල් ගලාගෙන යන්නේ. දැන් ශීල්ඩ් එක ගලාගෙන යන්නේ දැනට ලෝකය පුරාවටම දර්ශණය වෙන Doctor Strange කතාවේ දැක්වෙන මානයන් හරහා ගමන් කිරීමේ තාක්ශණය පිලිබඳවමයි. ඒත් ශීල්ඩ් කතා මාලාවේදී ඒ සිදුවෙන ක්‍රියාවලිය ගොඩක්ම විද්‍යාත්මකව පැහැදිලි කොට දක්වනවා.

අද කතාවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, ලබන සතියේ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E08..HDTV.X264-LOL

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>