Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Rundown (2003) with Sinhala Subtitles |තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Rundown (2003)

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය…

මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් උපසිරසි තිබුනේ නෑනේ. ඒකත් දැන් හරි කියලා හිතනවා.

“බෙක්” කියන්නේ හොඳ උස මහත සවි ශක්තිය තියන හැඩි දැඩි පුද්ගලයෙක්. මෙයා “බිලී” කියන මනුස්සයා වෙනුවෙන් යම් යම් දාමරික වැඩ කරනවා. හැබැයි මේ බෙක්, ඕනෑම දාමරික වැඩක් කරන්න කලින් අදාළ පුද්ගලයාට තෝරාගන්න විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. හැබැයි කවුරු හරි දෙවැනි විකල්පය තෝරගත්තා කියන්නේ සොරිම තමා! නමුත් බෙක්ට අවශ්‍ය වෙනවා මේ මැර වැඩ වලින් ඉවත් වෙලා අවන්හලක් දාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න. නමුත් අර “බිලී” හාදයා බෙක්ට කියනවා ඉවත්වෙන්න කලින් එක වැඩක් කරන්න කියලා. ඒ තමයි ඈත බ්‍රසීලේ යම් නගරෙක ඉන්න බිලී ගේ පුතා “ට්‍රැවිස්”ව ගෙදර එක්කගෙන එන්න. මෙයත් ඉතිං එක පයින්ම කැමති වෙලා වැඩේට බහිනවා. ඒත් හිතපු තරම් ලේසි වෙන්නේ නෑ. ට්‍රැවිස් සෑහෙන කරදර කාරයෙක්. ඒ මදිවට “හැචර්ස්” කියන ඒකාධිපතියා එක්ක පටලැවිලා වැඩේ දෙක වෙනවා! අනික ඒ වගේද කැළේ ඇතුලේ ඉන්න කැරළි කාරයෝ? කොටින්ම කිවුවොත් බෙක් ට සෑහෙන කට්ටක් කන්න වෙනවා. අන්තිමට පුංචි යුද්ධෙකුත් ඉවර කරලා තමා මෙයා එන්නේ.

මීට පෙර ලිපිය පල කරපු සහෝදරයාට ස්තුතිය පල කර සිටිනවා. ඒ ලිපියත් කියවලා චිත්‍රපටය ගැන අදහසක් ලබාගන්න එහෙනම්. දැනට මම නවතිනවා!

කළින් පළ කර තිබූ ලිපිය…

ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම ආසාවෙන් බලයි කියල හිතන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. Dwayne Johnson (The Rock) හා Seann William Scott ඉන්න නිසාම ෆිල්ම් එක ආසාවෙන් බලන්න පුලුවන්. Dwayne Johnsonගෙ ඇක්ශන් ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ නෙ. 🙂 මෙන්න මෙහෙමයි කතාව. බෙක් (Dwayne Johnson) කියන්නෙ මැරවරයෙක්. ඔහු යම් පුද්ගලයෙක් යටතේ පැහැර ගැනීම් වගේ රාජකාරි කරනව. දිනක් ඔහුට බාර වෙනව සමාජ ශාලාවක සිටින පාපන්දු තරුවකගෙන් මුද්දක් පැහැරගෙන ඒමට. බෙක් හැම විටම ඔහුගේ ගොදුරට තෝරාගැනීම් දෙකක් කරන්න ඉඩ දෙනව. එක්කො හොදින්,නැත්නම් නරකින් ඔහු කොහොම හරි තමන්ගේ රාජකාරිය ඉටු කරනව. මේ මුද්ද පැහැර ගැනීමේ කටයුත්තෙන් පස්සෙ ඔහුගේ බොස්ගේන් හිතුවක්කාර පුතාව පැහැරගෙන ඒමට. ඔහු ඉන්නෙ බ්‍රසීලයේ කැලෑවක් මැද. මේ අනුව බෙක් යනව බ්‍රසීලයට. ඇමරිකාවෙදි කොච්චර වැඩ දැම්මත් බ්‍රසීලයේ මේ කැලය මැද නම් ඔහුට ජීවිතය අමාරු වෙනව. වැඩේ ඔහු හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. ෆිල්ම් එක බාගෙනම බලන්නකො බ්‍රසීලයේදි මොහුට වෙන දේවල් මොනවද කියල. අනිවා ඔයාල ආස වෙයි.

 

The Rundown (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Rundown 2003.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>