ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 3 වෙනි කොටසත් අරගෙන ආවා. මම පටන් ගන්නකොටම කිව්වනෙ සබ් එක දෙන්න ඉදිරියෙදි පරක්කුවෙයි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම පමා වෙලා හරි සබ ගෙනාවා.
මතකනෙ කලින් සතියෙ වුන දේවල්, ටිකක් කියලම ඉන්නම්කො. ක්ලැරි අම්මත් එක්ක හෙන තරහෙන් ඉන්නෙ ඒ ජේස්ව මරන්න හදපු නිසා. ඉතින් ජොසලින් ඉසීට හැමදේම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ක්ලැරීව කවුරුත් කිසිම දේකට සම්බන්ධ කර ගන්නෙ නැ. ඉතින් ඔය හින්දා ක්ලැරිට ආපහු සාමාන්‍ය ජීවිතේට යන්න ඕනවෙනවා. එයා අපහු කලා පාසලට යනවා. එතනින් එද්දි තමයි ඩොට් ක්ලැරීව වැලන්ටයින් ගාවට අරගෙන යන්නෙ. ඉතින් ක්ලැරීව හොයාගන්න ලූක් ජොසලින්ට ඇඩමස් කියලා ගලක් දෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් පැරබටායි කෙනෙකුට. ඒනිසා ඇලෙක්ට ඒක දෙනවා. ඔය අතරෙ කොහොමහරි ඩොට්ගෙ මාර්ගයෙන් ක්ලැරී සහා ජේස් දෙන්නම වැලන්ටයින්ගෙ නැවෙන් පැන ගන්නවා. ආ කියන්න අමතක වුනා ජේස් අල්ලගෙන ආව වෘකයව අවසානයෙ වැලන්ටයින් මරලා දානවා. ඒ වගේම ඇලෙක්ටත් ඇඩමස් එක නිසා ලොකු කරදරයක් වෙනවා.
ඉතින් අද කොටසෙ ගොඩක් දුරට ජේස්ට වෙන්නෙ හෙන කරදර ගොඩක්. ඒ මොකද ජේස් අර වෘකයව මැරුවා කියලා හිතාගෙන ලූක්ගෙ රැල ජේස්ට පහර දෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඇලෙක් මැරෙන්න ඔන්න මෙන්න. ඉතින් ඉතුරු ටික ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E03.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
42 downloads
<<Previous Season All Episodes Next Episode>>