Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Six (Mini-Series) [S01 : E01] with Sinhala Subtitles |මුදවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Six P 1

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි කියලා කියන්න ඕන. ඉතින් කතාවෙ මුල් කොටස් දෙකම එක වර නිකුත් වුන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වුනත් දෙවන කොටසෙ ටොරන්ට් පිටපතක් තාම නිකුත්වෙලා නැ. මං හිතන්නෙ තුන්වෙනි කොටස පෙබරවාරි පලවෙනිදා එන නිසා දෙවනි කොටස ලබන සතියෙ එලියට දායි කියලා. තව කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා.

හරි කතාව පදනම් වෙලා තියෙන්නෙ සීල් බට පිරිසක් වටා. මොවුන් වසර දෙකකට කලින් එක්තරා ගමක මෙහෙයුමක් දියත් කරනවා මුටාකි කියලා ත්‍රස්තවාදියෙක්ව අල්ල ගන්න. මේ කණ්ඩායමේ නායකය තමයි රිප් කියන්නෙ. ඉතින් මේ මෙහෙයුම සිද්ද වෙන්නෙ රාත්‍රි කාලයෙ. කොහොමවුනත් මේ අය ඒ ගමට ගිහින් හිටපු ත්‍රස්තවාදීන්ට පහර දුන්නත් මුටාකි එතන ඉදලා නැ. ඒත් මෙයාලා පැනලා යන දෙන්නෙක් අල්ල ගන්නවා. රිප් දෙපාරක් බලන් නැතුව එකෙකුට වෙඩි තියනවා.

ඉතින් ඔය සිද්දිය නිසා රිප් සීල් කණ්ඩායමෙන් අයින්වෙලා පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩ කරන්න ගන්නවා. මෙයාලා දවසක් අප්‍රිකාවෙ පාසලක් හදන්න ඉඩමක් මනින තැනක ආරක්ෂාවට ඉද්දි එතනට පහරදීමක් එල්ල වෙනවා. එතනදි රිප් වගේම ඒ පාසලේ ගුරුතුමිය ඇතුළු සියළුම සිසුන් ප්‍රාණ ඇපයට අරගන්නවා. ඉතින් රිප් කියන්නෙ හිටපු සීල් බටයෙක්. ඒ කියන්නෙ එයා දන්න දේවල් බොහෝමයි. ඒත් එක්කම මේ අය මුදවා ගන්න මෙහෙයුමක් දියත් කරන්න සූදානම් කරනවා. ඒක පැවරෙන්නෙ රිප් හිටපු කණ්ඩායමට. ඒ කියන්නෙ මේ මෙහෙයුමට එන්නෙ රිප්ගෙ යාළුවො සෙට් එක.

ඉතින් කතාව කොටස් අටක් පුරාවට ගෙතෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතින් අපි බලමු රිප්ගෙ යාළුවො එයව බේර ගන්න කොහොම සටනක් දෙයිද කියලා. එහෙනං ඊලග කොටසින් හම්බවෙමු. අදහසක් දක්වන්න අමතක කරන්න එපා.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Six.S01E01.WEB-DL.x264-FUM[ettv]

Six.S01E01.WEB-DL.XviD-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>