1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ.
බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය තැබෑරුමක සේවය කරනවා. එහිම සේවය කරන තරුණ සේවිකාව සමග මොහුගේ සම්බන්ධයකුත් තිබෙනවා. මේ සියලු ගැටලු ඇතිවන්නේ තමා සේවා ස්ථානයෙන් බීම වීදුරුවක් බොනව දකින හිමිකරු බ්ලේනිව රැකියාවෙන් නෙරපීමත් සමග. බ්ලේනි ගැන මොහුගේ හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනව තරුණිය මොහුට කැමති නිසා.
තැබෑරුමෙන් පිටවෙන බ්ලේනි පලතුරු ව්‍යාපාරයක් කරගෙන යන තම මිතුරෙක් වන රස්ක්ව හමුවී අද උදෑසන සිදු වූ දේ පවසනවා. රස්ක් ඔහුගේ හිත සනසා හිටපු බිරිඳ ගැන විමසනවා. ඇය මේ වෙනකොට විවාහ යෝජනා ඇලසුම් කරන නියෝජිතායතනයක් පවත්වගෙන යනවා. ඒ වගේම ඇගේ ආදායමත් තියෙන්නෙ හොඳ තත්වයක. මේ වෙනකොට අතේ සතේ නැතුව ඉන්න බ්ලේනි ගිහින් හිටපු බිරිඳව හම්බවෙනව.
ඒ ගමන ඔහුට පාඩුවක් වෙන්නෙ නෑ. පොඩි බහිම්බස් වීමක් ඇති උනත් හොඳ රස කෑම වේලකුත් දීල තමා බ්‍රෙන්ඩා බ්ලේනිව පිටත් කරන්නෙ. ඒ අතරතුර ඔහුට නොදැනෙන්න ඔහුගේ කබා සාක්කුවට මුදල් නෝට්ටු කිහිපයකුත් දමනවා. අවසානයේ බ්ලේනිට හිරේ විලංගුවේ වැටීමට තරම් හේතු වන්නෙත් මේ මුදල් නෝට්ටු වලින් එකක්.
විවාහයකට කාන්තාවක් බලාපොරොත්තුව බ්රෙන්ඩාහේ සේවා ස්ථානයට පැමිනෙන රොබින්සන් එක්තරා ආකාරයක මානසික රෝගියෙක්. ඔහුගේ ඉල්ලීමට අනුව කාන්තාවක් සෙවීමට නොහැකි බව පැවසුවත් රොබින්සන් එය පිලිගැනීමට සූදානම් නෑ. දුර දිග යන කතාව හා විකෘති කාමාශාව උත්සන්න වීම නිසා කාර්යාලය තුලම බ්රෙන්ඩාව මරාදමනවා. එයට සැක පිට අත් අඩංගුවට ගැනීමට සොයන්නේ බ්ලේනිව. මේක දැන ගන්න බ්ලේනි සැගව යනවා.
මේ අතර බ්ලේනිගේ පෙම්වතියත් මේ මිනීමරුවාගේ ගොදුරක් බවට පත්වෙනවා. ඒ වගේම බ්ලේනිගේ මිතුරාගේ පාවාදීම නිසා බ්ලේනිත් අත් අඩංගුවට පත්වෙනවා. බ්ලේනි තම නිර්දෝෂීත්වය කෙසේ ඔප්පු කරයිද? ඔබත් සිනමා සිත්තම රසවිඳින්න. yify torrent අඩවියෙන් මෙය ලබා ගත හැකියි. මේ සිනමාකරු වාගේම තවත් සිනමා සිත්තම් කිහිපයකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Frenzy.1972.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
46 downloads